බඹරකන්ද TOUR....
දිනය - 2010 මැයි 14 වැනි සිකුරාදා,
ස්ථානය - බදුල්ල පොදු බස්නැවතුම්පල,
වේලාව - එක වෙලාවක් නැත..ඒක එක වෙලාවට..කොහොමහරි ගමන යන්න කශ්ටිය සෙට් උනා කියමුකො...
ඔන්න ඔහොම සෙට් වෙච්ච කශ්ටිය Oප Duප ටිකක හලාගෙනම ගත්ත ඇල්ලට බස් එකක්...ගත්ත කිව්වෙ නැගගත්ත..:D...ඔන්න කතාවෙන්ම ඇල්ලට ආව කියමුකො.ඇල්ලෙ ඉඳල බල්ලකෙටුවටත් ගියා බස් එකෙන්,අපේ NadE ගුරූගෙ ගෙදරට (ටවුන් එක ලඟ නිසා අවුලක් නැතුව ගියා),

හ්ම්ම්ම්ම්..මෙතන ඉඳල තමා කට්ටෙ කෑවෙ...බල්ලකෙටුව ඉඳල නමුනුකුලට 5කිමි විතර තියනව..,කොහොමහරි අපේ කාල කලමණාකරනය සුපිරි නිසා අපි ආපු වෙලාවට බස් එක තිබුනෙ නෑ...,ඒ කියන්නෙ බස් එක අපිව දාල නමුනුකුල ගිහින්.. :( දුකයි තමා මොනා කරන්න්නද..පයින්ම ඇද්දෙනැතෑ...

ලස්සන කහපාට මල්වර්ගයක්..නම නොදනී...ලස්සන නිසා දැම්ම...නමුනුකුල ටවුන් එකට ටිකක් මහාදි දැක්කෙ...
ඔන්න බඹරගල ට නැගගත්තම තියන අපූරුව...බඹරගල කියන්නෙ නමුනුකුල කඳු පන්තියෙ එක් කන්දක්...
මේ ගස්වර්ගයට කියන නම මට මතක නෑ..දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..:)
කන්ද මුදුනේ තිබෙන විවෘත භූමිය...මෙතන සාමානය ක්‍රීඩාපිටියක් තරම්.අපේ 2නි ටුවර් එකේ cricket සෙල්ලම් කලේ මෙතන...තවත් වැදගත් දෙයක් තමයි මෙම භුමියෙ තිබෙන්නෙ මුහුදු වැලිවලට සමාන වැලිවර්ගයක්...
මොනරාගල පැත්ත..., කන්ද මුදුනෙඉඳල ලොකු බෑඋමක් තියනව..
වැල්ලවාය පැත්ත.....
මං ආසම සීන් එක..:D
බඹරකන්ද 2වනි TOUR එකත් ලඟදීම දාන්නම්...
එතනක් අපේ ටුවර් එක enjoy කරපු ඔයාලට හිතුනදේ කියලම ඉන්නකො.....:D