Wednesday, September 12, 2012

Paypal $$$ රුපියල් කිරීම සම්බන්දවයි....,



ඊයේ සහ පෙරේදා දින දෙකේම මේසම්බන්ද වැඩවලට හිරවුන නිසා විස්තරේ දෙන්න බැරි උනා.,  
CBSL හි මීට අදාල පුද්ගලයන් හමුවෙලා කතාකරපු දේවල සමරියක් තමා පහලින් තියෙන්නෙ.,

ප්‍රධානම දේ තමයි පිටරටින් මෙරටට මුදල් ලැබීම සම්බන්දව CBSL වලින් කිසිම සීමාවක් පනවල නෑ කියන එක, ඒක Paypal වලටත් අදාලයි.

Paypal වලින් කෙලින්ම මෙරට බැංකු ගිණුමකට මුදල් බැරකිරීම වලාකාමින් CBSL  විසින් කිසිම තහනමක් පනවල නෑ,
නමුත් 
"This service limitation is because of the laws and financial regulations of each country." කියන්නෙ PP වල බොරුවක්...

එහෙම කියන්නෙ ප්‍රධානම කරුණ හංගල,හේතුව ලංකාවෙ emoney market එක සමස්තයක් ගත්තම බොහොම සුලු වටිනාකම වීම....,[PP පහසුකම ඉන්දියාවට ලබාගන්නත් පහසු වෙලා නෑ, නමුත් e market වටිනාකම සලකල ඉන්දියාවට PP පහසුකම ලබාදීල තියනව හැබැයි register වෙනකොට Tax cord එක දෙන්න ඕන.]

1. PP money withdraw පහසුකම ලංකාවට ලබාගන්න නම් අපි කතාකරන්න ඕන Export Development Board එකට, EDB එකෙන් මේ සම්බන්ධව PP සමග එකතුවෙලා PP $$ to Rs. කිරීමට රාජත්‍රාන්තිකව යම් ක්‍රියාමාර්ගයක් ගන්නවනම් PP වලින් සමහරවිට PP $$ to Rs. පහසුකම දෙන්න ඉඩතියනව...

2. තව කරුණක් තමයි PP $$ to Rs. පහසුකම ලබාගන්න පුලුවන් අපේ local bank එකක් PP වලින් ඉල්ලීමක් කලොත්.

ඉහත අවස්ථා දෙකටම අදාලව PP $$ to Rs. කිරීමට වෙනයම් ගැටළුවක් තියනවනම් විතරක් CBSL වලින් සේවය ඕන ඕනම වෙලාවක ලබාදෙනබවත් දැනගන්න ලැබුන...

අපේ emoney market එකේ වැඩකරන අය සෑහෙන පිරිසක් මේසම්බඳව CBSL ඉල්ලීම් කරල විමසල තියනව, නමුත් CBSL වලින් ඒ සම්බන්දව ගැටළුවක් නෑ...

EDB වලින් හෝ Local Bank request එකකින් තමා වැඩේ කෙරෙන්න ඕන,...[බලමු ලබන සතියෙ EDB එකට යන්න...]

*කවුරුත් දන්න Forex Trading 100%  ILLEGAL activity එකක් කියලත් දැනගන්න ලැබුන.[SL Rs. වලින් අන්තර්ජාල මිලදීගැනීම් කරන්න පුළුවන් නමුත් Forex වගේ දේවලට Money Deposit කිරීම නීතියෙන් තහනම්.]

විශේෂ ස්තුතිය මට සහයදුන් CBSL හි සියලූදෙනාට...

මේ සම්බන්දව ප්‍රශ්ණ තියනම් comment කරන්න... ඔබට ජය....!!!