Sunday, January 15, 2012

කොල්ලනේ පරිස්සමෙන්, LADIES FIRST ඇතත කතාව....

කාණ්තා පාර්ශවේ එක්ක කරන්න යන ඕනම වැඩකදි අපේ පිරිමි අය කියන කවුරුත් දන්න වචනයක් තමයි LADIES  FIRST....!!! (හැබැයි හැම වැඩකදීමත් නෙවෙයි...:P)

කියන්න යන්නෙ කතන්දරයක් ඒත් මේකෙන් LADIES  FIRST....!!! වෙන්න හේතුව නියමෙට කියවෙනව.......




මේක තමයි මේ ලෝකෙ first ලව් story එක ,ඔන්න මේ ලෝකෙ ප්‍රසිද්ද නගරෙක ,....පණවගේ එකිනෙකාට ආදරය කරන තරුණ කපල් එකක් හිටිය...කෙල්ල රෝසි කියල හිතාගන්නකො මාර ලස්සනයි කොල්ලට මාර ආදරෙයිලු..කොල්ලත් හරිම හැන්ඩි කොල්ලෙක් හිතන්නකො මයිකල් කියල කෙල්ලට පණදෙන්න ආදරෙයි...කෝම හරි මේ ඩබල කූල් එකෙ ලව් ස්ටෝරිය කරගෙන යනව එල කිරි වගේ....................

ඔන්න එක දවසක්,....දැන් කාලෙ සාම්ප්‍රදායිකව ලව් ස්ටෝරියකට වෙනදේම ලෝකෙ  ප්‍රතම වතාවට මේ දෙන්නගෙ ලව් එකටත් වුනා....,ලව් එක රෝසි  ගෙදරින් වැඩේ දැනගෙන.................

රෝසිගෙ ගෙදරින් කැමතිනෑ  මයිකල්ට....ඒත් ඉතින් මොනව කරන්නද.....???????????  ආ කෙල්ලනේ ඔයාල මොනවද කරන්නෙ මේවගේ වෙලාවට....:P 

ඔයාල මොනව කරන්න හිතුවත් මේ දෙන්නම තීරනයකලා සියදිවි නසාගන්න.....,ඒකාලෙත් දැන් වගේ වෙන්න ඇති ඕන දේකට විසදුම සියදිවි නසාඅගැනීම ...අපිදෙන්නට එකතුවෙන්න බැරිනම් තවදුරටත් ජීවත් වෙලා වැඩක් නෑ කියල දෙන්නම හිතන්න ඇති.

ඔන්න ඉතින් මේ දෙන්නම ජීවිතේ කෙලවර කරගන්න එයාල ලඟම තියන කන්දෙන් පහලට පනින්නයි හදන්නෙ...

ඔන්න දෙන්නම ප්ලේස් එකට ගියා...උඩ ඉඳන් පහල බලනකොට අපේ ලෝකාන්තෙ වගේ online පල්ලම....රෝසි දුකෙන් අඬ අඬා කියනව මයිකල්ට,රත්තරන් මම  ඉස්සෙල්ල පනින්නම්..,මම පැන්නට පස්සෙ ඔයා පනින්න කියල...ඒකාලෙ මිනිස්සු වැඩක් එකට කරන විදිය දැනගෙන ඉඳල නෑ..:P.....

මයිකල් කොල්ල වෙඩේට කැමති වුනේ නෑ...මයිකල් කියනව රෝසිට, මට බෑ ඔයව කන්දෙන් පහලට වැටෙනව බලන්න් ඉන්න..දුකායි.....ඒ නිසා මම ඉස්සෙල්ල පනින්නම් කියල මයිකල් කොලුව කිව්ව...රෝසි අඬනගමන් වැඩේට කැමැතත දුන්න....ඔන්න මයිකල්  කොල්ල රෝසිට තමන්ගෙ ජීවිතේ ලාස්ට් KISS එක රෝසිව බදා ගෙනෙ දුන්න...පස්සෙ දුවල ගිහින් කන්දෙන් පහලට පැන්න...රෝසිට මාර දුක ඇති නේද??? 
මේක බලන් හිටපු රෝසි මෙච්චර වෙලා තමන්ගෙ ඇස් පුරෝගෙන හිටපු කඳුලු දෑතින්ම පිහදාල..කටකොනින් පොඩි හිනාවකුත් දාගෙන ගෙදර ගියා...

මේ ලෝකෙ ප්‍රතම වතාවට ගැහැනියක් නිසාපිරිමියෙක් ජීවිතේ නැතිකරගන්නව දකින්න තරම් රෝසි වාසනාවන්ත වුනා...

මේ සීන් එකෙන් පස්සෙ ලෝකෙ ඕනම වැඩක් කරන පලමුතැන දෙන්නෙ කාණ්තා පාර්ශවේට..අපි පලවෙනි තැන ගත්තොත් මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ....

විශේෂ ස්තුතිය බන්දුල නානායක්කාරවසම් මහතාට.......

ස්ටෝරිය එපමනයි කියවපු ඔබ සෙමට ස්තුතියි....!!!

කොල්ලනේ පරිස්සමෙන්.....!!!!!   අහුවෙන්න එහෙම එපා..!!! :P