Friday, January 6, 2012

හෙට ගෙට්ටුවට එන අයට....!!!


2012 ගෙට්ටුව කලින් යොදාගත් විදියටම හෙට පැවැත්වෙන්න තමා යන්නෙ(ඔන්න මමනම් නෙවෙයි කියන්නෙ,සංවිදායක |උ| තුමන්ලා), කිඩෝ,පොඩී mAn & බනී.....

ඉතින් හෙට එන්න ඉන්න කස්ටිය රෙදි අයන් කරල දත කට මැදගෙන හොඳට නාගෙන(හෙට නාන්නෙ නැති අය) ඇති කියල හිතනව....

කොලඹ ඉඳන් එන අය ඔය පහල විදියට එන්න තමා හිතාගෙන ඇත්තෙ,හැබැයි පරිස්සමෙන්....


ඔය විදියට තමා කොලඹ කස්ටිය එන්න හිතන් ඇත්තෙ....වෙඩි වගේ.......



කවුරුත් සෙට් වෙන්නෙ පහලින් රවුන් කොරල තියන තැනට..අපේ ගූගල් දෙයිය තමා තැන පෙන්නුවෙ...:P



 හෙට කාලගුණේ ටිකක් වලාකුලින් බරවෙයි කියල හිතනව,පොඩියට මල් වැස්සක් උනත් යන්න බැරිකමක් නෑ, ඒ නිසා පොඩි කුඩයක් අරන් ආවට කමක්නෑ...


කවුරුත් වෙනිද ගැන ලියන නිසා නෙවැයි ඔන්න මමනම් ලියන්නෙ....  :)
කවුරුත් පරිස්සමෙන් & පරිස්සන් කොරගෙන හෙට සුභ මොහොතින් හමුවෙමු......සැමට ජය....!

Sunday, January 1, 2012

මේ මොකක්කද මේ...


සයිබර් අවකාශයේ සැරිසරන සෑම සියලු දෙනාට මෙමෙ නව වසර සුබම සුබ වසරක් වේවායි CoolChiran ප්‍රර්ථනා කරමි....

Friday, December 30, 2011

තව සත් දිනකින් දකුණු පලාතේ උග්‍ර ආහර හිඟයක්...

ලබන මස පලමු සතිඅන්තයේ දකුණු ප්‍රදේශයේ දැඩි ආහාර අර්බුදයක් ඇතිවියහැකිබව තතුදත් ආරන්චිමාර්ගවලින් අපට අනාවරණය වී ඇත.
සමස්තයක් වශයෙන් ගත්කල ගාල්ල මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් සමන්විත දකුණුපලාතේ ජීවත්වන     පොදුජනතාවට ප්‍රමාණවත් තරම් ආහාර වර්ග සහ බීම වර්ග ඇතිඅතර මෙහි අතිරික්ත ආහර ද්‍රවය සහ විශේශයෙන් බීම වර්ග අනෙක් පලාත් වලට ප්‍රවාහනය සිදුකරයි. නමුත් ,

අප මේ පිලිඳව කල දීර්ග සොයාබැලීමේදී අනාවරණය වු කරුනු අනුව මම ආහාර හිඟය ඇතිවීමට හේතු කීපයක්ම බලපා ඇතිබව අවබෝධවිය.

මෙම රජයේ අධිවේගී සංවර්ධණ සැලසුම් මත අලුතින් ඉදිකෙරුණු අධිවේගී මාර්ගය මගින් පැයක් වැනි ඉතා අඩුකාලයකින් කොලඹ හෝ ඒ ආසන්න ප්‍රදේශවල සිට දකුණු පලාතට  ඇතුලුවියහැකිවීම නිසා විශේශයෙන් කොලඹ හා ඒ ආසන්න ප්‍රදේශවලින් ජනවාරි 7 වැනිදා ගාලුඑන එන බඩකිනිකාරයින් සහ බඩකිනිකාරියන් ගේ අධික ආහාර පරිබෝජනය නිසා ඉහතකී අවාසනාවන්ත තත්වය උදාවීමට යනබව ඉතා කණගාටුවෙන් දැණුම් දෙමු.,


ඊට හේතුව මරට ප්‍රධානපෙලේ බ්ලොග් ගඩොල් කරුවන්ගේ සුහද හමුවක් දකුණුලක අගනගරය වන ගාල්ල ප්‍රදේශයේදී ලබන ජනවාරි 7 වෙනිදා පැවෙත්වීමට සංවිධානය කර තිබීමයි.මෙම කටයුත්ත කලින් වතාවක්ද සංවිධානය කර පවත්වා තිබුන නමුත් එම අවස්තාවේ ඉහතකී බ්ලොග් ගඩොල් කරුවන් රැසකට මේ සඳහා සූදානම් වී පැමිනීමට ප්‍රමාණවත් තරම කාලය නොතිබීම හේතුවෙන් ඇතිවීමට ගිය අවාසනාවන්ත තත්වයක් මගහැරී තිබූ බවද අපවෙත වාර්තා වී ඇත.
මහි ඇති තවත් විශේශ ලක්ශණයක් වන්නේ සංවිධායකයින්ද දකුණු පලාතේ අය වීමයි, අපට ලැබුනු විස්තර අනුව ඔව්න්ගේ නම් පිලිවෙලින් බනියා,කිඩෝ සහ පොඩිමෑන් යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන සුපිරිගණයේ බ්ලොග් ගඩොල් කරුවන් තිදෙනෙකි.

කෙසේ වෙතත් ලබන 7 වෙනිදායින් පසුව ඇතිවීමට යන අර්බුධකාරී අවස්ථාවට මුහුනදීම සඳහා මම දිනවල දකුණු පලාතේ ජනතාව ඉවක් බවක් නැතිව ආහාර රැස්කරමින් සිටී.

මෙම බ්ලොග් ගඩොල් කරුවන්ගේ හමුව සංවිධාණය කලපරිදි පැවැත්වෙන අතර එහිදී ආහාර පාලණය සඳහා ගෞරව උපාධියක් සහිත මමද [නැන්දම්මාගේ අවසරයපිට මාගේ ප්‍රියම්බිකාවද]සහභාගීවීමට බලාපොරොත්තිවෙන් සිටී...


කෙසේවෙතත් ලබන 7වැනිදායින් පසුව අධිවේගී මාර්ගය භාවිතාකර දකුණු ප්‍රදේශයට එන සෑම සියලුදෙනාට මෙමපුවරුව දර්ශණය නොවේවායි ප්‍රර්ථනාකරමු....

මීට CoolChiraN.... ;)

ප.ලි.
මෙය විනෝදය පිනිස සකස්කරනලද ලිපියක් වනඅතර මෙමගින් [මම ඇතුලු] ඉහත සඳහන් කරනලද කිසිවෙකුටවත් මඩපිනිස කරනලද්දක් නොවනබව කරුණාවෙන් සලකන්න