Monday, August 6, 2012

කෙනඩි Space Center (KSC) යන්න ගෙදර ඉඳන්....

NASA KSC එහෙමත් නැත්තම් Kennedy Space Center එක Google එක්ක එකතුවෙලා google street view 
සේවාව යටතෙ KSC වල සංචාරය කරන්න පුලුවන් අවස්ථාව ලබා දීල...

පහලින් තියන තැන් තුනේම රවුම් ගහන්න පුලුවන්.,


Assembly Building


Firing room 4 in the launch control center


Launch Pad 39A's 195 foot level 


එලටම වැඩ කරන්න ගිනි නරියටයි සෆාරියටයි ක්‍රෝම් වලත් ගින්දර වගේ....

අංශක 360* ටම කරකවල බලාගන්න මෙතනින් ගිහින්....

මම ගියා....මොනවහරි තියනම් කියලම යන්න...

කුතුහලයේ ගමන අරඹයි...Curiosity Lands on Mars...

NASA Curiosity රෝවරය අද අපේ වෙලාවෙන් උදේ 11.02ට අඟහරු මත ආරක්ශිතව ගොඩබැස්සවු බව NASA Breaking news වලින් දැනගන්නට ලැබුනා...

මේක තමා Curiosity රෝවරයෙ ප්‍රථම ඡායාරූපය...(මේවනවිටත් ඡායාරූප තොගපිටින් එනව...:P)

ඔබාම ලොක්කත් සතුටුවෙලා තියනව මේ ගැන....:P

මාස 8කට වැඩි කාලයක් සැතපුම් මිලියන 350ක ගමනක් ගිහින් තමා රෝවරේ අඟහරුට බාල තියෙන්නෙ...
උඩට යැව්වෙ Florida cape Canaveral තුඩුවෙන් Atlas 5 රොකට්ටුවකින්....

ඔබාමගෙ ඩොලර් බිලියන 2.5ක ප්‍රොජෙට් එකක්...        කජු ඇටද කොස් ඇටද....

තව විස්තර පසුවට....මම ගියා................

Thursday, June 7, 2012

පෙරහැරේ කාවාඩි නටන අපේ කස්ටිය...

****(මිත්‍යා දෘශ්ථි හෝ සම්‍යක් දෘශ්ථි තීරණය ඔබේ).,

මේ කියන්න යන්නෙ හැම පොසොන් හෝ ඕනම පෝයකටම යන පෙරහරවල් වල නටන කාවඩි ගැන...මුලින්ම කියන්න ඕන ඔන්න කාටවත් කාගෙවත් හිත්‍ රිදවන්න කියන දෙයක් නම් නෙවෙයි...

කවුරුත් දන්නවනෙ ඉස්සර ඉඳල අපේ සිංහල මිනිස්සු පෙරහරවල් පැවැත්වුව කියල ප්‍රදාන වශයෙන් පොහොය කාලවලදි ලොකු බක්තියකින් ධාතු වැඩම කිරීම් සමග තවත් ආගමික හේතුන් නිසා.,

ඉතින් මේ  බෞද්ධ පසුබිමක් තිබුන පෙරහරවල් වලටත්, බුදුදහමට පිටතින් විවිධ මිත්‍යා මත තියන ආගමික මතිමතාන්තර එකතු උනා වගේ පසුකාලීනව එකතුවෙච්ච අංගයක් තමයි දකුණු ඉන්දියානූ සම්භවයක් සහිත කාවාඩි.,

මේ කාවාඩි කියන අංගය එකතු උනේ **** දෙවියන්ට තමන්ගෙ බක්තිය කියන්නනෙ..,මේව වෙන්න ඇත්තෙත් අපේම මිනිස්සුන්ගෙ වරදින් කියලයි මගේ private මතය.හරියට ප්ලේන් අප්පෙට කුණු බිත්තරයක් දාල බිත්තර ආප්ප කියනව වගේ....

කාවාඩි නැටිල්ලෙ දැන් තත්වය කියන්නයි මට ඕන,ඒකටයි පොඩි හැඳින්වීමක් කලේ...,

ක්‍රමයෙන් කාවාඩි අපේ දෙයක් උනාට පස්සෙ දැන්වෙනකොට අපේ සිංහල බෞද්ධ මිනිස්සුත් කාවාඩි නටනවනෙ,නටන්න අඳින පලඳින විදිය අමුතුවෙන් කියන්න යන්නෙ නම් නෑ..,වෙනසක් උනොත් නම් අනිවාර්යෙන්ම ඒකත් කියන්න වෙනව මොකද මේ අපේ මිනිස්සු කාවාඩි නටන්නෙ අපේ බෞද්ධ පසුබිමක් තියන පෙරහරවල නිසා...,

අපේ ලොක්ක මතට තිත තියන්න ලොකු උත්සාහයක් ගන්නව කියල කස්ටිය හොඳට දන්නව ඇතිනෙ...:P
ඒත් ලොක්කගෙ වටේ ඉන්න අයගෙ කැපවීම නම් හොඩක් මදි බවයි පේන්නෙ...

කාවාඩි,පෙරහර, දැන් දේශපාලනේ. track එක පැන්න වගේ...,



නෑ පැන්නෙ නෑ...දැනට රජමහාවිහාර ආශ්‍රීතව පැවැත්වෙන පෙරහරවලත් ගොඩක් දුරට ප්‍රදාන තැන ගන්නෙ මොකෙක් හරි දේශපාලුවෙක්නෙ (සැර වැඩිද මන්දා).,ඉතින් එයාලගෙ සංවිදාන කටයිතුනම් අනර්ගයි...
දැන් ඒ ඇති...

ඉතින් මේ පෙරහරවල් බලන්න යන අයගෙ ෆන් එක උච්චම වෙන තැන තමා කාවාඩි පැරහැරේ මැදක් හරියෙ ඉඳල ඉවරවෙනකන්ම ඉන්නෙ කාවාඩිනෙ..හොඳ fast බීට් එක දෙනකොට කස්ටියම නටනවනේ සට සට ගාල බලපු අයට මතක් වෙනව ඇති...මම මේක කියන්නෙ වගකීමෙන් අපේ අසිරිලංකාවෙ පෙරහරවල කාවාඩි නටන අයගෙන් 98% ක්ම පෙරහරට කලින් හොඳට සප්පායම් වෙනව ඒ අතරෙ Booster රුත් ගහනව...:P...

ඕක තමයි වර්තමානෙ ලංකාවෙ පෙරහරවල තත්වය.,අපේ නොවන දෙයක් නොගැලපෙන අපේ දෙයක් කරගෙන අන්තිමට අපේ සංස්කුරුතිය වැනසෙනව මේක නගාසිටුවන්න ඕන කියල පාරම්බානව කියල කස්ටිය දෙස් තියන්ව...විලි ලැජ්ජයි...

මේක ලියන්න හේතුව අද අපේ ඉසව්වෙ පොසොන් පෙරහැර දවස වෙනදටත්වඩා කලින් ටවුන් එකේ කරවලුත් වහල කස්ටිය පෙරහර බලන්න සෙට් වෙලා ගම් වල මිනිස්සු ගෙවල් පිටින් යනව...:P මමත් මේක 2ක්ම බැලුව ඇත්ත තේරුන නිසා ලැජ්ජයි දැන් බලන්න ඒ නිසා ආපහුනම් යන්නෑ කියල දැන් ගොඩ කාලෙකට කලින් තීරනය කොලා....

නොදන්න කට්ටියට  දැනගන්නයි දන්න කට්ටිය තවත් දැනගන්නයි තමයි මේක ලිව්වෙ..,

ලංකාවෙ පෙරහර සංස්කුරුතිය ආපහු හොඳ විදියට වෙනස් කරන්න නම් අපේ පන්සල්වල හාමුදුරුවන්ම ප්‍රදාන තැන ගන්න ඕන...ඉතින් ඒක වෙයිද කියල නම් කියන්න අමාරුයි මොකද හාමුදුරුවන්ගෙ දායකයොමනේ මේවත් කරන්නෙ...:P

එක දෙයක් විතරක් පැහැදිලිව කියනව අපේ මුදුන් මල්කඩ වෙන  ශ්‍රි දලඳා මාලිගාවෙ තියන එක පෙරහරකටවත් මෙවන් විකාරයක් කවදාවත් එකතුවෙලා නෑ කියල....

එවන් මිත්‍යාවක් අපේ ශ්‍රි දළඳා පෙරහැරට එකතු නොවෙන්න බුද්ධිමත් සිංහල බෞද්ධයන් ඉන්නකන් කවදාවත්ම හැකි වෙන එකක් නම් නෑ....