Saturday, November 12, 2011

අද www වලට වැදගත් දවසක්....

කෙටියෙන්ම කියන්නම්...



1990 නොවැම්බර් මාසෙ අදවගේ දවසක(12) තමයි WWW අපේ වචනයෙන් කියනවනම් World Wide Web ආරම්භ කිරීමේ මූලික පියවර තැබුවෙ...

බ්‍රිතාන්‍ය ජාතික Sir Timothy John "Tim" Berners-Lee එහෙමත් නැතිනම් ආදරේට කියන්නෙ TimBL කියන පරිගනක විද්‍යාධරය තමයි මේ සඳහා මූලිකත්වය ගත්තෙ ඔහු Massachusetts Institute (MIT) එකේ මහාචාර්යධුරයකුත් දරනව...



ඔහු WorldWideWeb: Proposal for a HyperText Project කියන ලිපිය සකස්කරල අනෙක් සගයන්ට දැනුම් දුන්නෙ...

එම ප්‍රොපොසල් එක project එක සම්බන්ද වැදගත් විශේෂ කරුණු රාශියකින් සමන්විත වෙනව.
HyperText යොදාගෙන කරන්න පුලුවන් විෂ්මිත දෙයක් තමයි එදා ඔහු ලෝකය හමුවෙ තැබුවෙ phase 2 කින් මෙය ආරම්භ කිරීම කරල තියෙන්නෙ.

වැඩි විස්තර කියන්න යන්නෙ නෑ...මේ WWW වලින් ගිහින්ම බලන්න...

මම comment ගැනනම් කරදර වෙන්නෙ නෑ.............

තවත් ලිපියකින් හමුවෙමු.....

Tuesday, October 25, 2011

ස්කයිප් එකේ විස්තරේ...........


අද පොඩි වෙනසකටත් එක්ක Skype ගැන කතාකරන්න ඕන කියල හිතුව...
Skype ගැන හැඳින්වීමක් නම් කරන්න ඕන නෑ...මොකද නෙට් use කරන Skype නොදන්න කෙනෙක් නැති නිසා...[කරුමෙකට හරි එහෙම කෙනෙක් ඉන්නවනම් සොරි]...;(

මෙම සුපිරි අන්තර්ජාල සේවාවෙ ආරම්භය 2003 වසර, ස්වීඩන් ජාතික ව්‍යවසායකයින් දෙපලක් වන Niklas Zennström සහ Dane Janus Friis තමයි start එක දීල තියෙන්නෙ,මූලස්ථානය Luxembourg වල සහ අනෙක් offices  London,Stockholm, Tallinn, Tartu, Prague, සහ Palo Alto යන තැන්වල පිහිටුවල තියනව,මෙහි ප්‍development teem එක සහ අනෙක් සේවකයින්ගෙන් 44%ක්ම සිටින්නෙ Tallinn and Tartu, Estonia. වල.

මෙම සැප්තැම්බර් වනවිට පමණක් මිලියන 663 භාවිතා කරන්නන් ප්‍රමාණයක් සිටින මෙම අති දැවැන්ත සමාගමේ වර්තමාණ හිමිකාරීත්වය තිබෙන්නෙ අපේ Microsoft සමාගමට :P.....2011 මැයි 10 තමයි Microsoft සමාගම එකඟවුනේ Skype කම්පැනි එක ඇ.ඩො බිලියන 8.5 කට මිලට ගන්න නිකන් නෙවෙයි Skype සියලු තාකෂණික ශිල්ප ක්‍රම සමග.... EU අවසරය ලැබිල තිබෙන්නෙ Oct 7 2011.(නිකන් ගනී.....)....මෙම මාසෙ 13(Oct) 2011 තමයි මිලදීගැනීම සම්පූර්ණ වුනේ....Microsoft Skype Division එකෙන් තමයි දැන් Skype කරගෙන යන්නෙ....

client to server ක්‍රමයට වඩා peer to peer ක්‍රමය තමයි Skype වල භාවිතා වෙන්නෙ,මෙහි මුලුන් යෝජනා වුන නම තමයි Sky peer-to-peer....

2010 වනවිට ලොවපුරා භාශා 27කින් Skype භාවිතා කරන තිබෙනව දල වශයෙන් මාසයකදි  මිලියන 100 පමන නව සාමජිකයින් එකතුවෙනබව Wikipedia වල සඳහන් කරනව.....

කොහොමද විස්තරේ හොඳයිනම් පොඩි comment එකකුත් දාන්න........






Sunday, August 21, 2011

බ්ලැක් පූල් ගියෝ..................


බෝඩිමේ සෙට් එක අද උදේ ඉඳලවැඩ....එක්කෙනෙක්(සුචා අයියා) රෙදි සෝදනව...තව කෙනෙක්(ප්‍රසා අයියා) S.Afriva vs N.Zelad රගර් මැච් එක බලනව....තව කෙනෙක්(උල්ලා...)කෝල් එකක...මේ අතරෙ අපේ ප්‍රසා අයිය කියනව අද බ්ලැක් පූල් යමු කියල...(ඊයෙත්  බෝඩිමට වෙලා php කලා අදනම් film එකක්වත් බලන්න ඕන කියල හිතන් හිටියෙ)....ඒ නිසාම මට ඒක එලම අඩ්යිඩියා එකක්...:D...ඉතින් කස්ටිය උදේට කෑම කාල වැඩ ටික ඉවරයක් කරල නාගන්නත් ඕන නිසා ඒවටත් ඕන දේවල් ටික අරන් අපේ ප්‍රසා අයියගෙ අලුත්ම cherry QQ එකේ 
නැගල හපහපා ඉන්න කියල බයිට් ටිකකුත් අරන් ස්ප්‍රින් වැලි පාරට දාල ගමන පටන් ගත්ත..අද ඉරිද නිසා ගෙදර ගියපු නැති කැම්පස් අක්කල නංගිල එහෙමත් පාරෙහිටිය බඩු අරන් යන්න ඇවිත්(මාකට් ආපු...)ඉතින් අපි  ඒ දිහා හැරිලවත් බැලුවෙනෑ... :P

ආ ඒවගෙන් වැඩක් නෑ කියන්න යන එකත් තව පොඩ්ඩෙන් අමතක වෙනව :) කොහොමහරි අපි ස්ප්‍රින්වැලි ටවුන් එකත් පහුකරල යන්න ඕන තැනට ආව කියමුකො මමයි අපේ උල්ලයි(ආදරේට ඇත්ත නම දිනේශ් උල්ල කියන එක වෙනම කතාවක්)විතරයි කලින් බ්ලැක් පූල් ඇවිත් නැත්තෙ..අනිත් දෙන්නමකීප සැරයක් ඇවිත් තියනව...කාර් එක නැවැත්තුව කෝවිල ලඟ නාගන්න ඕනදේවල් ටික අරන් හතරදෙනාම පයින් යනගමන පටන් ගත්ත. ගෙවල් කීපයක මිදුල හරහ තමයි පාර කාපට් නෑ කොන්ක්‍රීට් නෑ හොඳේ...ඔය අතරෙ එක ගෙදරක ඇන්ටිකෙනෙක් කියනව අදනම් ගොඩාක් කට්ටිය ගියා කියල,ඉතින් හරිනෙ අද සුපර් සන්ඩේ එකක් ඉතින් ඒක පසුපිරිම විදියට ගතකරන්න මේවගේ තැන්වලට යන අය වැඩීතමා....ආ ඒ ඇන්ටිලගෙ ගෙදර ඉස්සරහ අඹ ගහේ අපේ වරිගෙටටිකක් නෑ කමක් තියන කෙනෙක් ඉනේ ලනුවකුත් බැදල..එයා රිලා මොටෙක් :P තව මිදුලෙ බලු මල්ලි කෙනෙකුත් හිටිය,කතාවෙන් කට්ටිය ඇල්ල ලගටත් ගියා ඇන්ටි කියපු තරම් සෙනගක් නම් එතන නෑ කොල්ලො සෙට් දෙකක් නම් තැන් දෙකක ඉඳන් ජරාව බොනව(මම ඒ මාතෘකාව ගැන කතාකරන්න කැමති නෑ).
පැමිලි ට්‍රිප් එකක් ආපු කශ්ටියක් නානව වලේ..අපි එයාල යනකම් ටිකක් පහලට ඇවිත් කතාවක් දාගෙන හිටිය,පස්සෙ වලේ නාපු අය ගියාම අපි ගිහින් හොඳටම නාගත්ත ;D මමත් සෑහෙන්න කාලෙකින් ඇලකට බැහැල නෑවෙ :P එතනත් උපරිමෙන්ම ෆන් එක අරන් එන්න පිටත් උනා.,

ප්‍රසා අයියගෙ බන්ඩි කාර් එකට නැගල අප්පා ඉන්නබෑ රස්නෙයි පොඩියට ඒසී පරකුත් දාගෙන සින්දුවකුත් අහගෙන හෙමිහිට ආව.රොක් හිල් හරියට එනකොට මෙන්න කොස්ගස් සෙට් එකක් තියනව පාර අයිනෙ ලඟපාත ගෙදරකුත් නෑ,වැඩිවෙලා ගියේනෑ අපේ ටිකිරි මොලවලට වැටහුනා මේවගෙන් ටිකක් කඩාගත්තානම් පොලොස් කරි එකක් ගහන්න පුලුවන්(අපි බෝඩිමේ උයනව),නැවැත්තුව කාර් එක බැස්ස තුන්දෙනාම ප්‍රසා අයියා කාර් එකේ තියල,හොඳම ඒවගෙන් කැඩුව පොලොස් ගෙඩි ටිකක් මම දෙකක් අපේ උල්ල & සුචා 4 (අපේ උල්ල ගස් නගින්න සුපිරි) ඔක්කොම හයක් වැඩිය කඩන නරක ලමයි හෙම නොවේ අපි නිසා....ඒ ටික ඩිකියට දාගෙන එනගමන් පොලටත්ගියා (මායි සුචයි) ගත්ත එලවලු පොල් කරවල ටිකක් හෙට ඉඳල කවුරුත් වැඩ නිසා පොලේ යන්න වෙලාවක් නෑනෙ අදනම් එලවලු ටිකක් විතර ලාබයි....ආ තවදෙයක් අපි පොලොස් කඩපු නිසාමයි මතක් උනේ පොලේ තිබුන පොලොස් ගෙඩි ටිකකුත් මම නිකම් ඇහුව ගාන කීයද කියල පොඩිඒව 20 ලොකුව 30 එතකොට අපි කඩපුවගෙ ගාන බැලුවම 150 වත් වෙනව කොහොමද වැඩ නේද...;D

හම්ම්...පොලේ බඩු ටිකත් දාගෙන බෝඩිමට ආව,උදේ උයපුව රත්කරා අල කරි එක විතරයි,බිත්තර කේස් එකේ බිත්තර තුනයි අපි හතරයි ඕන දෙයක් කියල දැම්ම ඔම්ලට් එකක් ඔන්න දවල් කෑම ගන්නකොට තුන හමාර විතර වෙලා...

සීන් එක කියන්නෙ දැන් ටිකකට කලින් අපි රෑට උයන්න පොලොස් ගෙඩිදකක් ගත්ත ටව තියනවනෙ ලබන සතියටත් අපේ සුචා උයන්න සුපිරි අපිත් සුපිරි තමා...:P  ගැහුව එලම එල විදියට කරි එක නියම පොලොස් ගෙඩිටික රස උපරිමයි වෙනද රෑට එකපාරක් කන කශ්ටිය අද දෙපාරගානෙ කෑව :D මතක් වෙනකොට බඩපිරිල උනත් කටට කෙල උනනව :P 

ඉතින් මේ කතාව ඔයාලට කිව්වෙ අපෙන් අදර්ශයක් ගන්න "අයිතිකාරයෙක් නැති පාර අයිනෙ නිකන් හැදෙන ගස්වල පලදාව නෙලන්න" නිකන් හැදෙන දේ ටිකක් අපි ගත්තම මොකද :P ....

[පොටෝ ගන්න බැරිඋනා අපිට කැම් එක ගන්න අමතක උන්නා...ටිකිරි මොලවලට අමතක උනා 4න් එකෙන්වත් 4ටෝ ටොකක් ගන්න]...සොරි හොඳේ....

මගේ අද දවස ගතකරපු කතාව තවත් රසවත් කරන්න ඔයාලගෙ comment වලින් පුලුවන්....
එහෙනම් මම යනව...තව කතාවකින් හමුවෙමු......:D