Wednesday, December 14, 2011

අපේ වැඩක්.....

ලොකු විස්තරයක් තියනව පුලුවන් තරම් කෙටියෙන් කියන්නම්....,

අපේ syllabus එකේ හැටියට Final සෙමෙස්ට්‍ර් එකට project එකක් කරන්න ඕන ...ඉතින් මගේ වැඩ ගැන පැහැදීමකින් ඉන්න :P අපේ Director sir B.Gajashinha & IT HOD Manjula Sir & අපිට අපේ ATI එක එහෙමත් නැතිනම් Advanced Technological Institute -Badulla කලින් තිබුන වෙබ් එක new mood එකකින් කලින්ටත් වඩා හොඳට කරන්න භාර දුන්න...group leader විදියට මං කොල්ල වැඩේ ඉහලින්ම භාරගත්ත..

ටිකක් කට්ටෙකුත් කාල මගේ group එකේ අනිත් මෙම්බ්‍ර්ස්ල 3 (Lahiru,Kumu & Thanu) ගෙත් සපොර්ට් එක අරන් වැඩේ ගොඩ දැම්ම http://atibadulla.edu.lk/ ..ඒ අපේ ඇනුවල් BlooD Donation Campaign එක දවසෙ හරියටම දවස 2011 ඔක් 21....   )...

ඉතින් ඔබ තුමන්ලා තුමියන්ලා අපේ වෙබ් එක බලල හොඳ නරක comment කරන්න....ඒක මගේ වෙබ් ජීවිතේට ගොඩක් වැදගත්..... මම තව වෙබ් site කීපයකුත කරනව තවම ඉවර නෑ.....ඉවර උන ගමන් දන්වන්නම්.....

මෙහෙමයි වැඩේ උනේ....




HOD Manjula Sirගෙ කතාව.



මං කොල්ලගෙ පොඩි කතාව


අපේ Director sir B.Gajashinha 








අපේ කස්ටිය...

Saturday, November 12, 2011

අද www වලට වැදගත් දවසක්....

කෙටියෙන්ම කියන්නම්...



1990 නොවැම්බර් මාසෙ අදවගේ දවසක(12) තමයි WWW අපේ වචනයෙන් කියනවනම් World Wide Web ආරම්භ කිරීමේ මූලික පියවර තැබුවෙ...

බ්‍රිතාන්‍ය ජාතික Sir Timothy John "Tim" Berners-Lee එහෙමත් නැතිනම් ආදරේට කියන්නෙ TimBL කියන පරිගනක විද්‍යාධරය තමයි මේ සඳහා මූලිකත්වය ගත්තෙ ඔහු Massachusetts Institute (MIT) එකේ මහාචාර්යධුරයකුත් දරනව...



ඔහු WorldWideWeb: Proposal for a HyperText Project කියන ලිපිය සකස්කරල අනෙක් සගයන්ට දැනුම් දුන්නෙ...

එම ප්‍රොපොසල් එක project එක සම්බන්ද වැදගත් විශේෂ කරුණු රාශියකින් සමන්විත වෙනව.
HyperText යොදාගෙන කරන්න පුලුවන් විෂ්මිත දෙයක් තමයි එදා ඔහු ලෝකය හමුවෙ තැබුවෙ phase 2 කින් මෙය ආරම්භ කිරීම කරල තියෙන්නෙ.

වැඩි විස්තර කියන්න යන්නෙ නෑ...මේ WWW වලින් ගිහින්ම බලන්න...

මම comment ගැනනම් කරදර වෙන්නෙ නෑ.............

තවත් ලිපියකින් හමුවෙමු.....

Tuesday, October 25, 2011

ස්කයිප් එකේ විස්තරේ...........


අද පොඩි වෙනසකටත් එක්ක Skype ගැන කතාකරන්න ඕන කියල හිතුව...
Skype ගැන හැඳින්වීමක් නම් කරන්න ඕන නෑ...මොකද නෙට් use කරන Skype නොදන්න කෙනෙක් නැති නිසා...[කරුමෙකට හරි එහෙම කෙනෙක් ඉන්නවනම් සොරි]...;(

මෙම සුපිරි අන්තර්ජාල සේවාවෙ ආරම්භය 2003 වසර, ස්වීඩන් ජාතික ව්‍යවසායකයින් දෙපලක් වන Niklas Zennström සහ Dane Janus Friis තමයි start එක දීල තියෙන්නෙ,මූලස්ථානය Luxembourg වල සහ අනෙක් offices  London,Stockholm, Tallinn, Tartu, Prague, සහ Palo Alto යන තැන්වල පිහිටුවල තියනව,මෙහි ප්‍development teem එක සහ අනෙක් සේවකයින්ගෙන් 44%ක්ම සිටින්නෙ Tallinn and Tartu, Estonia. වල.

මෙම සැප්තැම්බර් වනවිට පමණක් මිලියන 663 භාවිතා කරන්නන් ප්‍රමාණයක් සිටින මෙම අති දැවැන්ත සමාගමේ වර්තමාණ හිමිකාරීත්වය තිබෙන්නෙ අපේ Microsoft සමාගමට :P.....2011 මැයි 10 තමයි Microsoft සමාගම එකඟවුනේ Skype කම්පැනි එක ඇ.ඩො බිලියන 8.5 කට මිලට ගන්න නිකන් නෙවෙයි Skype සියලු තාකෂණික ශිල්ප ක්‍රම සමග.... EU අවසරය ලැබිල තිබෙන්නෙ Oct 7 2011.(නිකන් ගනී.....)....මෙම මාසෙ 13(Oct) 2011 තමයි මිලදීගැනීම සම්පූර්ණ වුනේ....Microsoft Skype Division එකෙන් තමයි දැන් Skype කරගෙන යන්නෙ....

client to server ක්‍රමයට වඩා peer to peer ක්‍රමය තමයි Skype වල භාවිතා වෙන්නෙ,මෙහි මුලුන් යෝජනා වුන නම තමයි Sky peer-to-peer....

2010 වනවිට ලොවපුරා භාශා 27කින් Skype භාවිතා කරන තිබෙනව දල වශයෙන් මාසයකදි  මිලියන 100 පමන නව සාමජිකයින් එකතුවෙනබව Wikipedia වල සඳහන් කරනව.....

කොහොමද විස්තරේ හොඳයිනම් පොඩි comment එකකුත් දාන්න........