Thursday, January 12, 2012

නරකම නෑ.............මේගැන මොකද හිතන්නෙ....


පින්තූරයකින් ගොඩක් දේවල් කියන්න පුලුවන් වචනයෙන් කියනවට වඩා...
මේ පින්තූරෙ බලල හිතෙනදෙයක් පහලින් කොටල යනනකෝ............



ඔන්න වැරදියට මොනවත් හිතනව එහෙම නෙවෙයි........


Wednesday, January 11, 2012

ප්‍රවේසමෙන්.......!!! පැනි බීමවල නොදුටු පැත්ත........


විශේෂයෙන් කාන්තා පාර්ශවේ හොඳේ......

 

විස්තරේ නවතම පර්යේෂණයක ප්‍රතිඵලයක් හොදේ...ඔන්න මේක කලේ මමනම් නෙවෙයි....
පැනිබීම කියන්නෙ මොනාද කියල අපේ කස්ටියට අමුතුවෙන් කියන්න ඕන නෑනේ...

විස්තරේ මෙහෙමයි...මේක වැඩිපුරම බලපාන්නෙ කාන්තා පාරුසවේට....,අපේ කාන්තා පාර්ශවේ පැනිබීම බොන්න දෙපාරක් හිතන්නෙ නෑනෙ..ඔය කිව්වට පිරිමි අපිත් එහෙමයි....

දිනක්තුල බොන පැනිබීම වීදුරු දෙකක් හරි ඊට වැඩිගණනක් හේතුවෙන් කාන්තාවකගෙ ඉඟ ප්‍රදේශය වැඩි වෙනව කියනව ඒ කියන්නෙ මහත් වෙනව බැරල් එකක් වගේ  "***ඉඟ සුඟ මිටින් ගන්න බරි වෙනව  "




චීකේ බඩේ මහත...

ඒ විතරක් නෙවෙයි බවලත් අට හෘද රෝග වැළඳීමේ අවදානම සහ දිය වැඩියාව වැලඳීමේ අවදානම යන දෙකම එකවගේ වැඩීවෙනව හොඳ්...


කොල්ලනේ මේ පර්යේශණේ වැදගත්ම කරුණ තමයි අපිවගේ හැන්ඩි කොල්ලන් ඇතුලු පිරිමි පාර්ශවේට කාන්තාපාර්ශවේ සමග සසඳනකොට මේ මගින් අවදානම් තත්වයක් ඇති නොවීම...

මේ ඔක්කොම කියන්නෙ ඔක්ලහෝමා සෞඛ්‍ය විශව විද්යාලෙ ප්‍රොරොපෙසර් කෙනෙක්,නම Christina Sha,ආ...එයාට පීඑච්ඩී එකකුත් තියනවලු....................

ආ...මේ පරියේශනේ කරල තියෙන්නෙ මේකෙ American Heart Association එක...


*** මට කවිය අමතකවීම නිසා බනීගෙන් පහත පරිදි කවිය ණයට ලබාගත් බව සතුටින් දැනුම් දෙමි....
"සිසිවන වුවන "

දැනට මෙපමනයි.....අනේ කෙල්ලනේ පරිස්සමෙන්....පැනි බීල බඩ මහත්කොරගන්නව එහෙම නෙවෙයි..ඒ විතරක් නෙවෙයිනෙ,නොමිලෙම තව ලෙඩ හැදෙනව..



නයිස් ෆිගර් ආ....

මට මතකයි අපේ මන්තරකාරි ගුඩු ගුඩු ගාල කෝල බීපු හැටි අපේ ගෙට් එක දවසෙ....ඔන්න බඩ මහතත් උනොත්
අපිනම් නෑ හොදේ....

ඔයාල මේ විස්තරේ දන්න කියන හැම බවලතෙකුටම කියන්න...ජෝක් විදියට විස්තරේ කිව්වෙ ඔලුවට වදින නිසා...ඔන්න මමනම් මගේ අරයට කිව්ව...

No sugar - sweetened beverages...!!!

Sunday, January 8, 2012

සයිබර් ගෙට් 2012...ෆන් ලෝකයක්....

ඔන්න මම ලොකූ පොස්ට් එකක් දාන නම් නෙවෙයි හදන්නෙ,සයිබර් ගෙට් 2012 එක ගැන අමුතුවෙන් ලියන්න ඕන නෑ  අපේ කස්ටිය ලියල තියනව වැඩිපුරත් එක්ක,



විශේෂ දේවල් ටික විතරක් කියන්නම් :P

*** මං කොල්ල උදේ 5.45ට බස්එක අරන් කරදරයක් නැතුව ගාල්ලට සේන්දු උනා....

සෙට්වෙන්න ඉන්න කස්ටිය අඳුර ගත්තා....ඊට පස්සෙ තමා වැඩේ........

*** උදේ පාන්දරම හිම හන්සිට ලොකූ බඩගින්නක් ආව...හැබැයි ඒ ගින්න දවස පුරාම එකම විදියට පැතිරුනා නිවීයාමක් දකින්න ලැබුනෙම නෑ....

*** අපේ යසන්ත මලයට ලැපෙන් තොර ලොවක් තිබුනෙ නෑ, ඡායාරූප රහිතවයි කියන්නෙ ඇති තරම් මඩ ගහල ඊයෙම ඡායාරූපේ වැහිල ගිහින්....:P

*** ජනරන්ග අව්වේ සිට ඔලුව රත්වීමේ ප්‍රතිපලයක් ලෙස හක්ක පන්නාගන්න ලදී... [ඡායාරූප රහිතවයි].

*** ප්‍රාර්ථනා සෙව්වන්දි, සිත් අහසෙ හිමිකාරියට යමක් ලබාදෙන බවට ජනරන්ග පුල පුලා පොරොන්දු උන ලදී....ඔන්න අපිනම් නෑ  සාක්කි දෙන්න හොදේ.......

*** චතූ මිතූ විසින් කඩෙන් උනු උනුවෙ ගතපු/උස්සපු කලිසමක් ඇඳගෙන පැමින සිටියේ එහි ටැග් එක අපට පෙනෙන ලෙස නොමිලයේ මඩ ලබාගැනීම සඳහායි.....

*** මන්තරකාරිට ශැන්ඩි මදිවී කොකා බෝතලයක් ගුඩු ගුඩු ගා ආමාශ ගත කර ගත්තේ කොහොල්ලා පානය කර සුන්දර ලෝකවල සිටි අපේ පිරිසේ නෙත් සිත් වශී කරවමිනි......

*** කොලඹ සිට ගාලු පැමිනි අභීත අයියා ඇතුලු පිරිස අපේ කිහිප දෙනෙක්ද සමග තවත් කල්පා ගානකට සරිලන ලෙස හිතේ හැටියට ස්නානය කරගෙන නිරාමිස සතුටක් ලබාගන්නා ලදී.....

*** පොඩි මෑන් ගැන කතාකිරීම අවශ්‍ය නොවේ බෝතල් කටේතියා ගුඩු ගුඩු ගා .##.බොන්න උපන් හපනෙකි.....

*** බනී සියලු  කටයුතු සිදුකර ලාවාට සලු උන ලදී........

*** අනෙක් සියලු දෙනාද තම හැකිපමන මඩ නාගන්න වැඩවල යෙදුන බව සතුටින් දැනුම් දෙමි.....

මාගේ කතාව මෙතකින් අවසන්,හවස් වෙන්න කලින් පුලුවන් නම් ගහන්න මඩ,මොකද මට දවල්ට නාගන්ට ඕන....හිකිස්...

අපේ ගෙට් එක ගැන ලියනලද අනෙක් බොලොග් [දැනට විතරයි හොදේ]