Saturday, April 21, 2012

හෙට Cyber Fest යන අය අද දවසේ කරන දේවල්....


හෙට අපේ සයිබර් සිහින උලෙලට යන්න කස්ටියම දැන් සූදානම් වෙනව ඇති නේද...

හෙට අවුරුදු කුමරියට ඉන්න නංගිල පහුගිය දවස්වල ඉඳල සැලෝන් යන්නයි ලස්සන ලස්සන ෆැන්සි බඩු ටිකක් ගන්නයි මහන්සි වෙන්න ඇති නේද...

සැලෝන් ගොහින් ට්‍රෙඩින් කරල අයිබ්‍රව්ස් හදාගෙන ෆේශල් එකකුත් දාගෙන ලස්සනට ඇති...




හොඳයි හොඳයි එහෙම තමයි ඉන්න ඕන..




මට හෙට එන්න බැරි උනත් කස්ටියගෙ වැඩ ටික 4ටෝස් වලින් බලන්න පුලුවන් උනොත් හොඳයි...ආ අපේ බස් එකේ ලයිව් දෙනව කියන්නෙ ඒනිසා ගෙදර ඉඳන් අහන්න පුලුවන්නේ...
නංගිල ටික ගැන විතරක්ම කතාකලර මදි හෙට ෆෙස්ට් එකට යන්න ඉන්න අයියල මල්ලිල ගැනත් කාතා කලානම් හොඳයි...

නංගිල ලස්සන උනා වගේම අයියල මල්ලිලත් හැන්ඩිවෙලා යන්න මහන්සි වෙනව කියල ආරන්චිය...කස්ටිය කැමර වල මෙමරි සුද්ද කරනවලු ...අයියල මල්ලිලා ටික  හෙට අනුමත වෙන්න | එහෙම නැතිනම් විශේෂ ආතල් එකක් ගන්නත් සූදානම් වෙනවලු අඩුම කුඩුම එකතුකරනව...හිකිස්...:P

ඕන්න ඉතින් කස්ටිය හෙට මටත් එක්ක ෆන් එක අරන් ෆෙස්ට් එකට ආව වගේම පරිස්සමෙන් ආපහු යන්නත් පුලුවන් විදියට ෆන් එක ගන්න කියල මතක් කිරීමකුත් කරනව....


ආ. තව ටිකෙන් අමතක වෙනව..ලඟකදි නෑවෙ නැති අය හැරෙන්න අනිත් අය කුඩයක් එහෙම අරන් ගියාට කමක් නෑ...:P

ඔන්න එහෙනම් කස්ටිටම සුභපතනව හෙට ගොඩක් සුන්දර දවසක් වෙන්න කියල....
කාටත්..,
ජය...!!!


Thursday, April 19, 2012



ගොඩක් ස්තුතියි යාලුවනේ... :) ඔයාලා ගොඩදෙනෙක් මට කෝල් කරල මෙසේජ් කරල මාව ධෛර්යමත් කලාට...:D

විස්තරේ මම ආපහු කියන්න යන්නෙ නම් නෑ.., විස්තරේ  මගේ අතිජාත මිත්‍ර ජනරංග  ඔහුගෙ අපේ ඉසව්වෙන් අපේ යාලුවො කවරුත් දැනුවත් කරල තිබුන නිසා...

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර  මගේ මිත්‍රය 18 වෙනිදා මගෙන් තරතුරු ටික දැනගෙන ඔහුගෙ  අපේ ඉසව්වෙන්  කාටත් කියල තිබුන.හැබැයි ඒ ගැන මම දැනගත්තෙ 4න් කෝල් සහ මෙසේජ් ලැබෙන්න පටාන් ගත්තම..:P ජනරංග මම එක්ක සම්ම්බන්ද වෙනකොට මම Operation Theater එලියට ඇවිත් ටික වෙලාවයි.

අද හවස තමයි මගේ සුපුරුදු තැන,ගෙදරට ආවෙ.., ඉතින් ඊයෙ ඉඳල මේ වෙනකනුත් මට අපේ බ්ලොග් අවකාශෙ ඉන්න යාලුවන්ගෙන් ඇමතුම් සහ කෙටි පනිවිඩ එමටයි...ඉතින් ඒකාටත් ස්තුති කරල මෙසේජ් කරන්නත් ඕනනෙ... ඒනිසා ටිකක් විතර පෝස්ට් එක ලියන එක පරක්කු උනා.

විශේෂයෙන් කියන්න ඕන මට 4න් කෝල් සහ මෙසේජ් දුන්න අය අතර මම ආදරනීය අපේ සයිබර් එකේ යාලුවෝ වගේම සයිබර් එකේ අපේ යලුවන්ගේ පෝස්ට් බලන සහ අපේ බ්ලොග් අවකාශෙ ජේෂ්ථ යාමාජිකයනුත් හිටිය...

කාතාකරල සහ මෙසේජ් කරල මම ධෛර්යමත් කල [නම් වශයෙන් සඳහන් කරන්න අමාරුයි ඔයාල ගොඩදෙනක් ඉන්න නිසා] ඔයාල කාටත් මගේ ...,

හෘදයාංගම ස්තුතිය.... :D

ආ...තවදෙයක් තියනව කියන්න....මට 4න් කෝල් සහ මෙසේජ් දුන්න ගොඩක් අය මගෙන් අහපු දෙයක් තමයි 22 අපේ අවුරුදු උත්සවයට එනවද කියල... මට ඒගැන දැන්ම කියන්න අමාරුයි, සැතකම කරපු කකුල සම්පූර්ණයෙන්ම සුව නැතිනිසා බිම තියන කොට ටිකක් විතර රිදෙනව... :O ඉතින් යාලුවනේ උපරිම උත්සාහය ගන්නව 22 වෙනිද ඇවිත් ඔයාලව හමුවෙලා සතුටුවෙන්න..එතකන් බලමු නේද.... :P

මම උඩින්ම සින්දුවක කොටසක් දමල තියනව...මගේ වේදනාව උපරිම උන වෙලාවෙ මම එක්ක හිටපු  ඒ ඔයාල වෙනුවෙනුයි. :D 

කාටත් ජය......:)