Saturday, May 5, 2012

අහෝ....බුදු හිමියන්ටත් කලියුගයේ දෙවියන්ගේ පිහිටයි...


සයිබරේ සියලු දෙනාටම සුභ වෙසක් මංගළ්‍යයක් ප්‍රාර්ථනා කරනව.....:D





මට පහුගිය ඉරිදාවක කවුරුත් දන්න රෑ ඉර පානෙන් අහන්න ලැබුනු සින්දුවක් තමයි පහල තියෙන්නෙ...ගීතය ගායනය නන්දා මාලනීයන් විසින්...මම මේක අහන කොට අපේ සෝම හාමුදුරුවොත් මතක් වුනා...

සමහරක් අය මේ සින්දුවට එච්චර කැමති වෙන එකක් නම් නෑ ඒත් මේකෙ පැහැදිලි තේරුම නම් කාට වුනත් අපැහැදිලි වෙන එකක් නෑ ඒ තරම් සරලයි.  [ඒත් බැරිනම් ලැජ්ජයි.....:P]

අපේ නිර්මල බුද්ධ ධර්මයට වෙලාතියන දෙයක් නම් නෙවෙයි අපේම අය කරගෙන තියන නරකම වින්නැහිය ගැන තමයි මේකෙ කියවෙන්නෙ...හිතන්නෙ.... ,අපේ අය ලඟ තියන මිත්‍යාදෘෂ්ටිය නෙවෙයිද මේකට මුල...

මේකෙ තියන අදහස තම තම නැණ පමණින් ණුවන මෙහෙයවල වටහා ගනීවි කියල හිතනව...

මෙතනින් ගීතය බාගන්න පුලුවන්.....

බුදු හිමියන්ටත් කලියුගයේ දෙවියන්ගේ පිහිටයි...
බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි...............................


පරවුනු මල් දැක නිවුනු පහන් මැද බුදු හිමි තනිවිය බුදුකුටියේ
මල්දම් පලතුරු අගිල් කපුරු මැද දෙවුරජු වැජබෙයි දෙව්මැදුරේ


යතියන් පුදදෙන රුපියල් සතගෙන රුපුන් නසාදී රැකවරණේ
දෙවියන් උපයන මුදලින් සුරැකෙයි බුදුන් දහම් සඟ තුන්සරණේ....


බුදු හිමියන්ටත් කලියුගයේ දෙවියන්ගේ පිහිටයි...බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි....!!!

අවිද්‍යාවෙන්-විද්‍යාවත් මිත්‍යාදෘෂ්ටියෙන්-සම‍ය්‍යකදෘෂ්ටියත් වෙන්කරගෙන ණුවනින් දකින්න මේ වෙසක් පෝයදින උපකාරවෙයි කියල හිතනව..... 
තව සැරයක් කියවල සින්දුව බාගෙනන හොඳට අහන්න අනිත් අයටත් අහන්න දෙන්න,තේරෙන කෙනක් හිටියොත් හැදේවි එහෙම නැතිනම් ඒ අයට දෙවියන්ගේම පිහිටයි............:P

අනිත් සියලුදෙනටම බුදු සරණයි....!!! [තමාට පිහිට තමාමයි ]...