Friday, December 30, 2011

තව සත් දිනකින් දකුණු පලාතේ උග්‍ර ආහර හිඟයක්...

ලබන මස පලමු සතිඅන්තයේ දකුණු ප්‍රදේශයේ දැඩි ආහාර අර්බුදයක් ඇතිවියහැකිබව තතුදත් ආරන්චිමාර්ගවලින් අපට අනාවරණය වී ඇත.
සමස්තයක් වශයෙන් ගත්කල ගාල්ල මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් සමන්විත දකුණුපලාතේ ජීවත්වන     පොදුජනතාවට ප්‍රමාණවත් තරම් ආහාර වර්ග සහ බීම වර්ග ඇතිඅතර මෙහි අතිරික්ත ආහර ද්‍රවය සහ විශේශයෙන් බීම වර්ග අනෙක් පලාත් වලට ප්‍රවාහනය සිදුකරයි. නමුත් ,

අප මේ පිලිඳව කල දීර්ග සොයාබැලීමේදී අනාවරණය වු කරුනු අනුව මම ආහාර හිඟය ඇතිවීමට හේතු කීපයක්ම බලපා ඇතිබව අවබෝධවිය.

මෙම රජයේ අධිවේගී සංවර්ධණ සැලසුම් මත අලුතින් ඉදිකෙරුණු අධිවේගී මාර්ගය මගින් පැයක් වැනි ඉතා අඩුකාලයකින් කොලඹ හෝ ඒ ආසන්න ප්‍රදේශවල සිට දකුණු පලාතට  ඇතුලුවියහැකිවීම නිසා විශේශයෙන් කොලඹ හා ඒ ආසන්න ප්‍රදේශවලින් ජනවාරි 7 වැනිදා ගාලුඑන එන බඩකිනිකාරයින් සහ බඩකිනිකාරියන් ගේ අධික ආහාර පරිබෝජනය නිසා ඉහතකී අවාසනාවන්ත තත්වය උදාවීමට යනබව ඉතා කණගාටුවෙන් දැණුම් දෙමු.,


ඊට හේතුව මරට ප්‍රධානපෙලේ බ්ලොග් ගඩොල් කරුවන්ගේ සුහද හමුවක් දකුණුලක අගනගරය වන ගාල්ල ප්‍රදේශයේදී ලබන ජනවාරි 7 වෙනිදා පැවෙත්වීමට සංවිධානය කර තිබීමයි.මෙම කටයුත්ත කලින් වතාවක්ද සංවිධානය කර පවත්වා තිබුන නමුත් එම අවස්තාවේ ඉහතකී බ්ලොග් ගඩොල් කරුවන් රැසකට මේ සඳහා සූදානම් වී පැමිනීමට ප්‍රමාණවත් තරම කාලය නොතිබීම හේතුවෙන් ඇතිවීමට ගිය අවාසනාවන්ත තත්වයක් මගහැරී තිබූ බවද අපවෙත වාර්තා වී ඇත.
මහි ඇති තවත් විශේශ ලක්ශණයක් වන්නේ සංවිධායකයින්ද දකුණු පලාතේ අය වීමයි, අපට ලැබුනු විස්තර අනුව ඔව්න්ගේ නම් පිලිවෙලින් බනියා,කිඩෝ සහ පොඩිමෑන් යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන සුපිරිගණයේ බ්ලොග් ගඩොල් කරුවන් තිදෙනෙකි.

කෙසේ වෙතත් ලබන 7 වෙනිදායින් පසුව ඇතිවීමට යන අර්බුධකාරී අවස්ථාවට මුහුනදීම සඳහා මම දිනවල දකුණු පලාතේ ජනතාව ඉවක් බවක් නැතිව ආහාර රැස්කරමින් සිටී.

මෙම බ්ලොග් ගඩොල් කරුවන්ගේ හමුව සංවිධාණය කලපරිදි පැවැත්වෙන අතර එහිදී ආහාර පාලණය සඳහා ගෞරව උපාධියක් සහිත මමද [නැන්දම්මාගේ අවසරයපිට මාගේ ප්‍රියම්බිකාවද]සහභාගීවීමට බලාපොරොත්තිවෙන් සිටී...


කෙසේවෙතත් ලබන 7වැනිදායින් පසුව අධිවේගී මාර්ගය භාවිතාකර දකුණු ප්‍රදේශයට එන සෑම සියලුදෙනාට මෙමපුවරුව දර්ශණය නොවේවායි ප්‍රර්ථනාකරමු....

මීට CoolChiraN.... ;)

ප.ලි.
මෙය විනෝදය පිනිස සකස්කරනලද ලිපියක් වනඅතර මෙමගින් [මම ඇතුලු] ඉහත සඳහන් කරනලද කිසිවෙකුටවත් මඩපිනිස කරනලද්දක් නොවනබව කරුණාවෙන් සලකන්න



Friday, December 23, 2011

කොතනටද යන්න ඕනෙ...මෙන්න මැක්සා Root map site එකක්...

ලෝකෙ ඕනම තැනක ඉඳල තව තැනකට යන්න පුලුවන් හොඳම විදිය කොහොමද කියල මේ site එකෙන් පෙන්නනව...

කෝච්චියෙ යනවද? බස් එකෙ යනවද? ප්ලේන් එකේ යනවද ?


මම Beijing යන්නෙ මෙහෙමයි...

ගෙදර ඉඳල කටුනායකට කාර් එකේ යන්න ගතවෙනව පැය 3 විනාඩි 3ක් (by Highway ) එතන ඉඳල නන්ස්ටොප් පැය 7 විනාඩි 25 ප්ලේන් එකේ (Sri Lankan AirLine ,China Eastern or SingaporAirlines වලින්). හප්පා කොහොමද සැපට යන්නපුලුවන්...නේද..

මේ site eke directions දෙන්නෙ අඩුම වෙලාවකින් ගමනාන්තයට යන්න පුලුවන් විදියට ඒකයි Colombo to Beliatta (මගේ ටවුන් එකට :P ) යන්න Galle road නැතිව E01 Highway එක පෙන්නනෙ.



මෙතන කොටල site එකට ගිහින්ම බලන්නකො...

comments තියනම් දාලම යන්න....  :)


Wednesday, December 14, 2011

අපේ වැඩක්.....

ලොකු විස්තරයක් තියනව පුලුවන් තරම් කෙටියෙන් කියන්නම්....,

අපේ syllabus එකේ හැටියට Final සෙමෙස්ට්‍ර් එකට project එකක් කරන්න ඕන ...ඉතින් මගේ වැඩ ගැන පැහැදීමකින් ඉන්න :P අපේ Director sir B.Gajashinha & IT HOD Manjula Sir & අපිට අපේ ATI එක එහෙමත් නැතිනම් Advanced Technological Institute -Badulla කලින් තිබුන වෙබ් එක new mood එකකින් කලින්ටත් වඩා හොඳට කරන්න භාර දුන්න...group leader විදියට මං කොල්ල වැඩේ ඉහලින්ම භාරගත්ත..

ටිකක් කට්ටෙකුත් කාල මගේ group එකේ අනිත් මෙම්බ්‍ර්ස්ල 3 (Lahiru,Kumu & Thanu) ගෙත් සපොර්ට් එක අරන් වැඩේ ගොඩ දැම්ම http://atibadulla.edu.lk/ ..ඒ අපේ ඇනුවල් BlooD Donation Campaign එක දවසෙ හරියටම දවස 2011 ඔක් 21....   )...

ඉතින් ඔබ තුමන්ලා තුමියන්ලා අපේ වෙබ් එක බලල හොඳ නරක comment කරන්න....ඒක මගේ වෙබ් ජීවිතේට ගොඩක් වැදගත්..... මම තව වෙබ් site කීපයකුත කරනව තවම ඉවර නෑ.....ඉවර උන ගමන් දන්වන්නම්.....

මෙහෙමයි වැඩේ උනේ....




HOD Manjula Sirගෙ කතාව.



මං කොල්ලගෙ පොඩි කතාව


අපේ Director sir B.Gajashinha 








අපේ කස්ටිය...

Saturday, November 12, 2011

අද www වලට වැදගත් දවසක්....

කෙටියෙන්ම කියන්නම්...



1990 නොවැම්බර් මාසෙ අදවගේ දවසක(12) තමයි WWW අපේ වචනයෙන් කියනවනම් World Wide Web ආරම්භ කිරීමේ මූලික පියවර තැබුවෙ...

බ්‍රිතාන්‍ය ජාතික Sir Timothy John "Tim" Berners-Lee එහෙමත් නැතිනම් ආදරේට කියන්නෙ TimBL කියන පරිගනක විද්‍යාධරය තමයි මේ සඳහා මූලිකත්වය ගත්තෙ ඔහු Massachusetts Institute (MIT) එකේ මහාචාර්යධුරයකුත් දරනව...



ඔහු WorldWideWeb: Proposal for a HyperText Project කියන ලිපිය සකස්කරල අනෙක් සගයන්ට දැනුම් දුන්නෙ...

එම ප්‍රොපොසල් එක project එක සම්බන්ද වැදගත් විශේෂ කරුණු රාශියකින් සමන්විත වෙනව.
HyperText යොදාගෙන කරන්න පුලුවන් විෂ්මිත දෙයක් තමයි එදා ඔහු ලෝකය හමුවෙ තැබුවෙ phase 2 කින් මෙය ආරම්භ කිරීම කරල තියෙන්නෙ.

වැඩි විස්තර කියන්න යන්නෙ නෑ...මේ WWW වලින් ගිහින්ම බලන්න...

මම comment ගැනනම් කරදර වෙන්නෙ නෑ.............

තවත් ලිපියකින් හමුවෙමු.....

Tuesday, October 25, 2011

ස්කයිප් එකේ විස්තරේ...........


අද පොඩි වෙනසකටත් එක්ක Skype ගැන කතාකරන්න ඕන කියල හිතුව...
Skype ගැන හැඳින්වීමක් නම් කරන්න ඕන නෑ...මොකද නෙට් use කරන Skype නොදන්න කෙනෙක් නැති නිසා...[කරුමෙකට හරි එහෙම කෙනෙක් ඉන්නවනම් සොරි]...;(

මෙම සුපිරි අන්තර්ජාල සේවාවෙ ආරම්භය 2003 වසර, ස්වීඩන් ජාතික ව්‍යවසායකයින් දෙපලක් වන Niklas Zennström සහ Dane Janus Friis තමයි start එක දීල තියෙන්නෙ,මූලස්ථානය Luxembourg වල සහ අනෙක් offices  London,Stockholm, Tallinn, Tartu, Prague, සහ Palo Alto යන තැන්වල පිහිටුවල තියනව,මෙහි ප්‍development teem එක සහ අනෙක් සේවකයින්ගෙන් 44%ක්ම සිටින්නෙ Tallinn and Tartu, Estonia. වල.

මෙම සැප්තැම්බර් වනවිට පමණක් මිලියන 663 භාවිතා කරන්නන් ප්‍රමාණයක් සිටින මෙම අති දැවැන්ත සමාගමේ වර්තමාණ හිමිකාරීත්වය තිබෙන්නෙ අපේ Microsoft සමාගමට :P.....2011 මැයි 10 තමයි Microsoft සමාගම එකඟවුනේ Skype කම්පැනි එක ඇ.ඩො බිලියන 8.5 කට මිලට ගන්න නිකන් නෙවෙයි Skype සියලු තාකෂණික ශිල්ප ක්‍රම සමග.... EU අවසරය ලැබිල තිබෙන්නෙ Oct 7 2011.(නිකන් ගනී.....)....මෙම මාසෙ 13(Oct) 2011 තමයි මිලදීගැනීම සම්පූර්ණ වුනේ....Microsoft Skype Division එකෙන් තමයි දැන් Skype කරගෙන යන්නෙ....

client to server ක්‍රමයට වඩා peer to peer ක්‍රමය තමයි Skype වල භාවිතා වෙන්නෙ,මෙහි මුලුන් යෝජනා වුන නම තමයි Sky peer-to-peer....

2010 වනවිට ලොවපුරා භාශා 27කින් Skype භාවිතා කරන තිබෙනව දල වශයෙන් මාසයකදි  මිලියන 100 පමන නව සාමජිකයින් එකතුවෙනබව Wikipedia වල සඳහන් කරනව.....

කොහොමද විස්තරේ හොඳයිනම් පොඩි comment එකකුත් දාන්න........






Sunday, August 21, 2011

බ්ලැක් පූල් ගියෝ..................


බෝඩිමේ සෙට් එක අද උදේ ඉඳලවැඩ....එක්කෙනෙක්(සුචා අයියා) රෙදි සෝදනව...තව කෙනෙක්(ප්‍රසා අයියා) S.Afriva vs N.Zelad රගර් මැච් එක බලනව....තව කෙනෙක්(උල්ලා...)කෝල් එකක...මේ අතරෙ අපේ ප්‍රසා අයිය කියනව අද බ්ලැක් පූල් යමු කියල...(ඊයෙත්  බෝඩිමට වෙලා php කලා අදනම් film එකක්වත් බලන්න ඕන කියල හිතන් හිටියෙ)....ඒ නිසාම මට ඒක එලම අඩ්යිඩියා එකක්...:D...ඉතින් කස්ටිය උදේට කෑම කාල වැඩ ටික ඉවරයක් කරල නාගන්නත් ඕන නිසා ඒවටත් ඕන දේවල් ටික අරන් අපේ ප්‍රසා අයියගෙ අලුත්ම cherry QQ එකේ 
නැගල හපහපා ඉන්න කියල බයිට් ටිකකුත් අරන් ස්ප්‍රින් වැලි පාරට දාල ගමන පටන් ගත්ත..අද ඉරිද නිසා ගෙදර ගියපු නැති කැම්පස් අක්කල නංගිල එහෙමත් පාරෙහිටිය බඩු අරන් යන්න ඇවිත්(මාකට් ආපු...)ඉතින් අපි  ඒ දිහා හැරිලවත් බැලුවෙනෑ... :P

ආ ඒවගෙන් වැඩක් නෑ කියන්න යන එකත් තව පොඩ්ඩෙන් අමතක වෙනව :) කොහොමහරි අපි ස්ප්‍රින්වැලි ටවුන් එකත් පහුකරල යන්න ඕන තැනට ආව කියමුකො මමයි අපේ උල්ලයි(ආදරේට ඇත්ත නම දිනේශ් උල්ල කියන එක වෙනම කතාවක්)විතරයි කලින් බ්ලැක් පූල් ඇවිත් නැත්තෙ..අනිත් දෙන්නමකීප සැරයක් ඇවිත් තියනව...කාර් එක නැවැත්තුව කෝවිල ලඟ නාගන්න ඕනදේවල් ටික අරන් හතරදෙනාම පයින් යනගමන පටන් ගත්ත. ගෙවල් කීපයක මිදුල හරහ තමයි පාර කාපට් නෑ කොන්ක්‍රීට් නෑ හොඳේ...ඔය අතරෙ එක ගෙදරක ඇන්ටිකෙනෙක් කියනව අදනම් ගොඩාක් කට්ටිය ගියා කියල,ඉතින් හරිනෙ අද සුපර් සන්ඩේ එකක් ඉතින් ඒක පසුපිරිම විදියට ගතකරන්න මේවගේ තැන්වලට යන අය වැඩීතමා....ආ ඒ ඇන්ටිලගෙ ගෙදර ඉස්සරහ අඹ ගහේ අපේ වරිගෙටටිකක් නෑ කමක් තියන කෙනෙක් ඉනේ ලනුවකුත් බැදල..එයා රිලා මොටෙක් :P තව මිදුලෙ බලු මල්ලි කෙනෙකුත් හිටිය,කතාවෙන් කට්ටිය ඇල්ල ලගටත් ගියා ඇන්ටි කියපු තරම් සෙනගක් නම් එතන නෑ කොල්ලො සෙට් දෙකක් නම් තැන් දෙකක ඉඳන් ජරාව බොනව(මම ඒ මාතෘකාව ගැන කතාකරන්න කැමති නෑ).
පැමිලි ට්‍රිප් එකක් ආපු කශ්ටියක් නානව වලේ..අපි එයාල යනකම් ටිකක් පහලට ඇවිත් කතාවක් දාගෙන හිටිය,පස්සෙ වලේ නාපු අය ගියාම අපි ගිහින් හොඳටම නාගත්ත ;D මමත් සෑහෙන්න කාලෙකින් ඇලකට බැහැල නෑවෙ :P එතනත් උපරිමෙන්ම ෆන් එක අරන් එන්න පිටත් උනා.,

ප්‍රසා අයියගෙ බන්ඩි කාර් එකට නැගල අප්පා ඉන්නබෑ රස්නෙයි පොඩියට ඒසී පරකුත් දාගෙන සින්දුවකුත් අහගෙන හෙමිහිට ආව.රොක් හිල් හරියට එනකොට මෙන්න කොස්ගස් සෙට් එකක් තියනව පාර අයිනෙ ලඟපාත ගෙදරකුත් නෑ,වැඩිවෙලා ගියේනෑ අපේ ටිකිරි මොලවලට වැටහුනා මේවගෙන් ටිකක් කඩාගත්තානම් පොලොස් කරි එකක් ගහන්න පුලුවන්(අපි බෝඩිමේ උයනව),නැවැත්තුව කාර් එක බැස්ස තුන්දෙනාම ප්‍රසා අයියා කාර් එකේ තියල,හොඳම ඒවගෙන් කැඩුව පොලොස් ගෙඩි ටිකක් මම දෙකක් අපේ උල්ල & සුචා 4 (අපේ උල්ල ගස් නගින්න සුපිරි) ඔක්කොම හයක් වැඩිය කඩන නරක ලමයි හෙම නොවේ අපි නිසා....ඒ ටික ඩිකියට දාගෙන එනගමන් පොලටත්ගියා (මායි සුචයි) ගත්ත එලවලු පොල් කරවල ටිකක් හෙට ඉඳල කවුරුත් වැඩ නිසා පොලේ යන්න වෙලාවක් නෑනෙ අදනම් එලවලු ටිකක් විතර ලාබයි....ආ තවදෙයක් අපි පොලොස් කඩපු නිසාමයි මතක් උනේ පොලේ තිබුන පොලොස් ගෙඩි ටිකකුත් මම නිකම් ඇහුව ගාන කීයද කියල පොඩිඒව 20 ලොකුව 30 එතකොට අපි කඩපුවගෙ ගාන බැලුවම 150 වත් වෙනව කොහොමද වැඩ නේද...;D

හම්ම්...පොලේ බඩු ටිකත් දාගෙන බෝඩිමට ආව,උදේ උයපුව රත්කරා අල කරි එක විතරයි,බිත්තර කේස් එකේ බිත්තර තුනයි අපි හතරයි ඕන දෙයක් කියල දැම්ම ඔම්ලට් එකක් ඔන්න දවල් කෑම ගන්නකොට තුන හමාර විතර වෙලා...

සීන් එක කියන්නෙ දැන් ටිකකට කලින් අපි රෑට උයන්න පොලොස් ගෙඩිදකක් ගත්ත ටව තියනවනෙ ලබන සතියටත් අපේ සුචා උයන්න සුපිරි අපිත් සුපිරි තමා...:P  ගැහුව එලම එල විදියට කරි එක නියම පොලොස් ගෙඩිටික රස උපරිමයි වෙනද රෑට එකපාරක් කන කශ්ටිය අද දෙපාරගානෙ කෑව :D මතක් වෙනකොට බඩපිරිල උනත් කටට කෙල උනනව :P 

ඉතින් මේ කතාව ඔයාලට කිව්වෙ අපෙන් අදර්ශයක් ගන්න "අයිතිකාරයෙක් නැති පාර අයිනෙ නිකන් හැදෙන ගස්වල පලදාව නෙලන්න" නිකන් හැදෙන දේ ටිකක් අපි ගත්තම මොකද :P ....

[පොටෝ ගන්න බැරිඋනා අපිට කැම් එක ගන්න අමතක උන්නා...ටිකිරි මොලවලට අමතක උනා 4න් එකෙන්වත් 4ටෝ ටොකක් ගන්න]...සොරි හොඳේ....

මගේ අද දවස ගතකරපු කතාව තවත් රසවත් කරන්න ඔයාලගෙ comment වලින් පුලුවන්....
එහෙනම් මම යනව...තව කතාවකින් හමුවෙමු......:D


Saturday, August 20, 2011

ගූගල් වලින් තවත් වැඩක්................

සයිබර් යාලුවොටික කොහොමද  සැපෙන් ඉන්නවද...මේ ටිකේම හරියට ඔයාලගෙ බ්ලොග් ටික කියවගන්නත් බැරිඋනා අදයි හෙටයිනම් කොහොමහරි බලනව.. අද google එකේ ඉන්නගමන් තමයි මට මේක හමුඋනේ....මොකක්ද?...මේ ක කිව්වෙ....පොඩිපහේ ඇඩොන් එකක්...ජී mail account එකක් තියනවමන් ලේසියෙන් පහසුවෙන් ඊයක් යවන්න පුලුවන් විදියක්...google මේ add-on එක දාලනම් ගොඩක් කල් ඒත් මගේ දුශ්ටියට අහුඋනේ නම් අද...:P....සමහරවිට ඔයාල මේ ගැන දන්නවත් ඇති...දන්න අය පාවිච්චි කරනවත් ඇති...
ඒකට කමක් නෑ,දන්නෙ නැති අයට වැදගත් වෙයි කියල හිතල මේක post එකක් විදියට දානව...ඒක මේක කිව්ව හොඳටම ඇති නේද..
පින්තූරෙ උඩ කොටල chrome.google.com වලට යන්න...ඊටපස්සෙ කරන්න ඕන දේ පැහැදිලිව කියල තියනව ඔයාලට කරන්න තරම් ලොකුදෙයක් නෑ add-on එක බ්‍රව්සර් එකේ දාගන්න විතරයි....හැබැයි මේක chrome වලට විතරයි වැඩ...




ඔයාල chrome නෙවෙයිනම් පාවිච්චි කරන්නෙ chrome වලට මාරුවෙන්න...ඒක fast අනිත් බ්‍රව්සර් වලට වඩා...මම එහෙම කියන්නෙ ‍xperance එකෙන්....හැබැයි firefox එක chrome වලට වඩා customize කරන්න පුලුවන්(අනිත් බ්‍රව්සර් ගැනනම් මගේ එච්චර පැහැදීමක් නෑ.... :(   )....තීරණය ඔබේ.......:)

post එක වැදගත් උනත්(නැතත්) comment එකක් එක්ක ෆලෝ එකකුත් දාන්න...;D

එහෙනම් මම ගියා.........................................................................................

Thursday, August 18, 2011

කාටත් ආයුබෝවන්....ගොඩක් දවසකට පස්සෙ තමයි ලිපියක් ලියන්න බ්ලොග් එකට ආවෙ පහුගිය ටිකේ ටිකක් වැඩිපුර වැඩ තිබුන(තවම ඉවරනම් නෑ :( )...අපේ සයිබර් යාලුවො ටික සනීපෙන් ඇතිකියල හිතනව..එහෙම නැතිනම් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.....:D

අද කියන්න යන්නෙ ගොඩක් වැදගත් දෙයක් ගැනනම් නෙවෙයි...කෙටියෙන්ම කිව්වොත් මම බ්ලොග් එක පටන්ගතපු මුල් කාලෙම දමාපු පොස්ට් 2කට ගොඩක් හිට්ස් ලැබිල තිබුන... ඒ නිසාඅ google වල සර්ච් බාර් එකේ පොස්ට් එකේ ටයිටල් එක type කලාම ආවෙ හිතාගන්නවත් බැරි සර්ච් එකක්...මගේ බොලොග් එක #1 ඇවිත්...
Different types of  laptop screen replacement පොඩි සර්ච් එකක් දමලම බලන්නකො...:P



පින්තූරෙ උඩ කොටල ලොකුකරල බලන්න.....:D



ඉක්මනින්ම වැදගත් දෙයක් අරගෙන එන්නම් ඔයාලට.....එහෙනම් මම ගියා......comment එකක් දාල යන්න අමතක කරන්න එපා..:D.......

Tuesday, August 9, 2011

බඳිනවනම් මෙන්න බඩුවක්...........:P


වෙනද වගේම අදත් කියන්න යන්නෙ අලුත් Gadget එකක් ගැන...මම ඉතින් වැඩිපුරම දීල තියෙන්නෙත් මේ ජාතියෙ නිව්ස්නෙ...:P ...ඊයෙ 1000 හිට් එකත් ලැබුන ඒ නිසා තවමත් පොඩි සතුටක් හිතේ කොනක තියනව...කියන්න ආපු කාරනේ අමතක වෙන්න කලින් කියන්න ඕන.උඩින් ටයිටල් එකේ කිව්වට වැරදියට තේරුම් ගන්න නම් එපා...මේ කියන්න යන්නෙ ඔරලෝසුවක් ගැන..ආ..පටන්ගත්ත ගමන් පුදපි යකා....ටිකක් අගේ කරන්නත් බැරිඋනා දන්නැතුවම ලියවිලා....කමක් නෑ,වැල්වටාරම් නැතුව කියන්නම් කාරනේ..........


 
This is the only watch that you wanna wear.


මේක හැන්ඩි බ්රේස්ලට් එකක්...කිව්වත් හරි...ඔරලෝසුවක් කිව්වත් හරි...ආ තව කියන්න පුලුවන් පොඩිපහේ කොම්පියුටර් එකක් කිව්වත් හරි...දැන් මේ ඔක්කොම හරි නම් මොකක්ද වැරදිකියල ඔයාල බලනව ඇති....වැරැද්දක් නම් නෑ....එකත් අපි කවුරුත් දන්න කියන අපේ SONY කම්පනියෙ වැඩක්....පාවිච්චිකරල තියෙන්නෙ OLED touchscreen තාක්ශනය....(වැඩි විස්තර Wikipedia  ගෙන් දැනගන්න)..,


This is the only watch that you wanna wear.


මේ හැන්ඩි ඔරලෝසුවට පුන්චිපහේ ප්‍රොජෙක්ටර් එකකුත් තියනව...කොහොමද ඔයාගෙ sony 4n එකෙන් යාලුවොත් එක්ක t.v බලන්න film බලන්න එහෙමත් පුලුවන් එතකොට කාටද ආඩම්බර.ආ........:D....තව මේකෙ තියනව flexible keyboard එකකුත්..අන්තිමට කියන්නම් මේ හැන්ඩි බාන්ඩෙ ඩිසයින් කරල තියෙන්නෙ Hirimi Kiriki ටිකක් අමුතු නමක්...2020 තමයි ලෝන්ච් එක....:D...ඒ කියන්නෙ තව අවුරුදු 9ක්ම බලන් ඉන්න වෙනව....එතකන් TAB 4න් එකක්වත්  ගන්න තමා වෙන්නෙ....

This is the only watch that you wanna wear.



This is the only watch that you wanna wear.



මම ගන්නෙනම් මේ වගේ කොලපාට කෑලක්....:P

This is the only watch that you wanna wear.

ඒත් මං ආසම රෝස පාට ඔය පහලින් තියන එකට.......හික්ස්.......


This is the only watch that you wanna wear.

මේ Gadget එක සම්බන්ධව ඔබට පහලවූ සිතුවිලි පහලින් කොටා යන්න..ගියාට ආපහු එන්න හොඳේ.....:P


Monday, August 8, 2011

1000 ට ස්තුතිය සියල්ලුම සයිබර් මිතුරන්ට.........




සතුටු වෙන්න කාරණාවක් තියනව....ඒකත් ඔයාල එක්ක බෙදාගන්න ආවෙ මැච් එක යන අතරෙම....ඔයාල මෙච්ච්රකල් බලපු මගේ  බොලොගියට අද හවස දහස්වෙනි හිට් එකත් අපේම කෙනෙක් දීලතිබුන.....ගොඩක් සතුටුයි...මේතාක් මට බ්ලොගිය හැඩට වැඩට හදාගන්න කොමෙන්ට් කරපු කාටත් සහ මූනුපොතෙන් මට නිතරම කතාකරපු Time Soon ටත් සහ උදවු කල සයිබරේ සියලුදෙනාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනව.....:D






මෙහෙම උනේ ඇයි.................???


අදත් කාතාකරන්න යන්නෙ කාටත් වැදගත් දෙයක් ගැන ඒ ගැන පින්තූරයකින්ම කතාකලානම් හොඳයි කියල හිතුන....,කෙටියෙන්ම කියන්නම්කො විස්තරේ.....

පහල පින්තූරෙ තියෙන්නෙ බර රාත්තල් 250ක් සහ 120ක් බර කාන්තාවන් දෙදෙනෙකුගෙ Body Scan එකක්.....

පින්තූරෙ හොඳට බලන්න යෝදයෙක් වගේ 250lbs බර කෙනා..කාන්තාවක් කියල හිතාගන්නවත් බැරිතරමට මහත, අනවශ්‍ය මේදය තැම්පත් වීම නිසා තමයි මෙහෙම Figure එකක් හැදිල තියෙන්නෙ...දැන් ඔයාල හිතන්න එපා මම ඔයාලට වෛද්‍ය උපදෙස් දෙන්න යනව කියල නිරෝගී සෞඛ්‍ය ගැන කතාකරන්න අපිට වෙනම කෙනෙක් ඉන්නව එතුමා ගැන කවුරුත් දන්නව ඇතිනේද...දන්නෙ නැතිනම් දැනගන්න ඒ තමයි අපේ සොඳුරු සුව අසපුව ලියන  ඇදුරුතුමා වැඩිවිස්තර ඒතුමාගෙන් දැනගන්න...කතාවෙන් පිටපැන්න වගේ......


A body scan of a 250 lb. woman and a 120 lb. woman.

ආ දැන් බලන්න 120lbs බර කෙනා කොහොමද කියල කියන්නත් කලින් බැලුව නේද...ලස්සන දේට ඇහැයනව කොහොමතිබුනත් එහෙම නේද...:P...ලස්සනට Figure එක තියනව නේද.....හා හා දැන් පින්තූරෙ බැලුව ඇති...දැන් බලන්න ඔයාලගෙ ඇඟ දිහා කොහොමද කියල...Fatty Figure එකක්ද Pretty Figure එකක්ද කියල.....

තමන් ගන්න ආහාර ගැන ටිකක් විතර හිතල බලන්න තමන්ගෙ Figure එකත් එක්ක... ඔයාගෙ ඇඟ Fatty නම්  වෛද්‍ය උපදෙස් ගන්නත් අවසථාව තියනව...තීරණය ඔබේ....

මේ ගැන හිතුන දෙයක් තියනවනම් කොටල යන්න.............

Sunday, August 7, 2011

රබර් බෑන්ඩ් LOVE ද LOVE රබර් බෑන්ඩ් වගේද............???


වෙනස් විදියෙ පින්තූරයක් නේද...හැබැයි මේ පින්තූරෙන් ගොඩක් ලොකු කතාවක් කියවෙනව.....ආදරය කියන්නෙ රබර් බෑන්ඩ් එකක් වගේ... බලමු කතාව ඇත්තද කියල......පින්තූරෙ Analyse කරන්න කලින් ආදරය කියන්නෙ රබර් බෑන්ඩ් එකක් කියල ටිකකට හිතන්න..

if රබර් බෑන්ඩ් එක 
Unbreakable and
  ආදරය = රබර් බෑන්ඩ් එකක් නම් 


1. ආදරය කරන දෙදෙනෙක් (පෙම්වතුන් විත්‍රක් නෙවෙයි) ඔව්නොවුන් එකිනෙකාට රබර් බෑන්ඩ් එකෙන් ඇදී බැඳී ඉන්නව ...

2.  මොනවහරි හේතුවකින් මේ දෙදෙනාගෙන් එක්කෙනෙක් රබර් බෑන්ඩ් එක අතහැරියොත්  ???

3. තවමත් රබර් බෑන්ඩ් එක අල්ලගෙන ඉන්න කෙනාට ඒකෙන් හානියක් වෙනව...

එහෙමනම් ආදරය = රබර් බෑන්ඩ් එකක් කියන එකේ පොඩි ඇත්ත්ක් තියනව නේද...
මීටවඩා වෙනස් අදහස් තියනම් පහලින් ලියන්න මටත් දැනගන්න ඕන........එහෙනම් ඔන්න මන් ගියා........

ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව  දැන් ඉඳල ආපහු ආදරය =/= රබර් බෑන්ඩ් එකක්.....:D

Saturday, August 6, 2011

මල වගේද අයිස්කක්‍රීම්...ම්ම්ම්ම්ම්..................


අද සෙනසුරාද උනාට උදේ ඉඳන් වැඩ..,ටිකකට ආව මොනවහරි ලියලම යන්න කියල.,ලියන්නෙ මොනවද කියල බලන කොට රස දෙයක් හමු උනා..හැබැයි ටිකක් විතර හැඩේ වෙනස් රසයනම් උපරිමන්..අලුත් හැඩයක් නිසා ඔයාලත් එක්ක බෙදාකගන්න ඕන කියල හිතුන..අයිස්කක්‍රීම් නම් නෙවෙයි..,ඔය පහලින් තියන පින්තූරෙ....,බලල රසයිනම් දැනුන රස කොහොමද කියල ලියන්න අමතක කරන්න එපා...!!!


Pretty Ice Cream

තවපොඩ්ඩෙන් අමතක වෙනව කියන්න, මම ආසම රෝසපාට එකට...:P ඔයා කැමති ___ >>>?

Friday, August 5, 2011

ගිනි බඩුවක්....Lamborgini


Lamborghini Concept Car



මෙම වේගවත් අපූරු කාර් එකේ Designer තමයි Flavio Adriani,ඔහු මෙම Lamborgini Concept EV රථය නිර්මානය කරල තිබෙන්නෙ Sports රේසිං කාර් ආ මග දැවැන්ත වෙනසකට ලක්කල Ferrucio Lanbrogini ට උපහාරයක් විදියට.,තවත් වැදගත් දෙයක් තමයි මෙහි ක්‍රීයාකාරීත්වය පරිසර හිතකාමීලෙස නිපදවා තිබීම.(වායු දූශණය අවම, වගේ තව ගොඩක් තියනව....)




මෙයට විදුලි බලයෙන් ගමන්කිරීමේ හැකියාවත් තියනව,(අලුත් වාහන වලට තිබිය යුතුම අංගයක්) එයට තමයි මෙහි හැම රෝදයකටම එක බැගින් විදුලි ඉන්ජින් 4 තිබෙන්නෙ, ඒ සඳහා අවශ්‍ය විදුලිය ලබාගන්නෙ ඉන්ජින් එකට උඩින් තියෙන Solar පැනල් වලින්,ඔය පැනල් තික තියෙන්නෙ V ශේප් එකෙන් උඩින් තියන කාර් එක බලන්න.,මෙයට වෙනස්ම විදියෙ ආක්‍රමණකාරී පෙනුමක් ලබාදෙන්නත් එය උපකාරී වෙනව..මටත් මේ කාර් එක ලස්සන ඉස්සරහට වඩා පස්සෙන් බලනකොට....:D




මෙහි නිර්මාණකරු මුහුනපාල තියන එක් අභියෝගයක් තමයි කලින් තිබුනු ආකාරයේම Lamborghini වලටම ආවේනික හඬ මෙම විදුලිය ඉන්ජිමක් සහිත කාර් එකට ලබාදීමේ ගැටලුව,වැඩ දන්න මිනිහට බොරු බෑ වගේ ඒ කටත් විසඳූමක් හොයාගෙන,ඒ තමයි සුලන් ටර්බයිම නැතිනම් සිංහලෙන් wind turbines :D , රථයෙ ඉස්සරහින් තියන බම්පර් වලින් ටුයුබ තුලට එන සුලන් ප්‍රවාහය අවසානයේ මෙහි central turbines තුලට යාමත් සමග ජෙට් ඉන්ජිමක ශබ්ද මෙයට ලැබෙන්නෙ.,මටනම් තවම මෙහෙම ගිනියක් දකින්න ලැබිල නෑ V-ගේම් වලින් නැතුව.,

අපේ හයිවේ එකේ opening එකත් ලඟ නිසා වාහනයක් ගෙනල්ලම තියාගත්තනම් වටිනව...ඒත් ඉතින් මේකෙන්  120Kmph ගිහින් වැඩක් නැතිනිසා ඕනත් නෑ.........:D

කියන්න වැදගත්දෙයක් තියනම් පහලින් කොටාලම යන්නකො.....................:D GooD LucK......||

Monday, August 1, 2011

BMW 'i' කාර් ගැන පොඩිත්තක්.........................



මුලින්ම කියන්නම් BMW ගැන ටිකක්.,Bavarian Motor Works කියන ජර්මන් සමාගම ආරම්භය 1916 ඒදා ලොක්ක Franz Josef Popp, ඔය ඇති නේද වැඩිවිස්තර අපේ wiki ගෙන් අහගන්න...

Technical details of the new ‘i’ cars from BMW


මේ තමා අලුත්ම BMW i3 සහ i8 කාර් මොඩල් දෙක..,කොහොමද ලස්සන.. :D BMW i3 හැන්ඩි කාර් එකේ බර 1250Kg (රාත්තල් නම් 2755) ක් සහ i8 1496Kg(රාත්තල් නම්3300) වෙනව....
මේවගෙ Body ඉතා ශක්තිමත් Carbon Fiber වලින් හදල තියෙන්නෙ.,අපේ ත්‍රිවීලර් වගේ නම් නෙවෙයි..:D

Technical details of the new ‘i’ cars from BMW

Hybrid රථයක් වන මෙහි Gasoline සහ Electrical බල මූලයන් දෙකකින් තමයි බලය ලැබෙන්නෙ..ආ තව වැදගත් දෙයක් තියනව මේකෙ කූලිං කරන්න තිබෙන්නෙ liquid සිස්ටම් එකක්  

Technical details of the new ‘i’ cars from BMW

මෙම i8 රථයෙ dual-clutch ගියර් පෙට්ටියකින් සමන්විතයි...


පහලින් තියන වීඩියෝස් ටිකත් බලන්න.....:)













ලිපිය කෙටි උනත් ඔයාලට වැදගත් උනානම් මොනවහරි කියන්න :D



Saturday, July 30, 2011

නමුනුකුලෙන් එකක්..බඹරකන්දට Trip එකක්...


බඹරකන්ද TOUR....

දිනය - 2010 මැයි 14 වැනි සිකුරාදා,
ස්ථානය - බදුල්ල පොදු බස්නැවතුම්පල,
වේලාව - එක වෙලාවක් නැත..ඒක එක වෙලාවට..කොහොමහරි ගමන යන්න කශ්ටිය සෙට් උනා කියමුකො...
ඔන්න ඔහොම සෙට් වෙච්ච කශ්ටිය Oප Duප ටිකක හලාගෙනම ගත්ත ඇල්ලට බස් එකක්...ගත්ත කිව්වෙ නැගගත්ත..:D...ඔන්න කතාවෙන්ම ඇල්ලට ආව කියමුකො.ඇල්ලෙ ඉඳල බල්ලකෙටුවටත් ගියා බස් එකෙන්,අපේ  NadE ගුරූගෙ ගෙදරට (ටවුන් එක ලඟ නිසා අවුලක් නැතුව ගියා), 


බල්ලකෙටුව මහවිද්‍යලය NadE ගුරූගෙ ස්කෝලෙ තියෙන්නෙ ඔය පසුපසින් තියන උස් බිමේ...ටවුන් එකට ටිකක් මෙහාදි තමයි මේ ශොට් එක ගත්තෙ...පහලින් තියන සීන් දෙක ඔය බෝඩ් එකට පාරෙන් එහාපැත්තෙ ඉඳල ගතපුව...වලාකුලු නැති වෙලාවට රාවනා ඇල්ල පේනව....




හ්ම්ම්ම්ම්..මෙතන ඉඳල තමා කට්ටෙ කෑවෙ...බල්ලකෙටුව ඉඳල නමුනුකුලට 5කිමි විතර තියනව..,කොහොමහරි අපේ කාල කලමණාකරනය සුපිරි නිසා අපි ආපු වෙලාවට බස් එක තිබුනෙ නෑ...,ඒ කියන්නෙ බස් එක අපිව දාල  නමුනුකුල ගිහින්.. :( දුකයි තමා මොනා කරන්න්නද..පයින්ම ඇද්දෙනැතෑ...


කොහොමහරි NadE ගුරූගෙ මගපෙන්වීම යටතෙ shortcut කියන ඒවගෙන් දාල යනකොට ආව ඔය උඩින් පින්තූරෙ තියන Vehicle එක..:D  අපි නමුනුකුලට ආවෙ  ඔය Vehicle එකෙන්...සැප ගමනක්....:D




ලස්සන කහපාට මල්වර්ගයක්..නම නොදනී...ලස්සන නිසා දැම්ම...නමුනුකුල ටවුන් එකට ටිකක් මහාදි දැක්කෙ...

ඔන්න බඹරගල ට නැගගත්තම තියන අපූරුව...බඹරගල කියන්නෙ නමුනුකුල කඳු පන්තියෙ එක් කන්දක්...



මේ ගස්වර්ගයට කියන නම මට මතක නෑ..දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..:)




කන්ද මුදුනේ තිබෙන විවෘත භූමිය...මෙතන සාමානය ක්‍රීඩාපිටියක් තරම්.අපේ 2නි ටුවර් එකේ cricket සෙල්ලම් කලේ මෙතන...තවත් වැදගත් දෙයක් තමයි මෙම භුමියෙ තිබෙන්නෙ මුහුදු වැලිවලට සමාන වැලිවර්ගයක්...




මොනරාගල පැත්ත..., කන්ද මුදුනෙඉඳල ලොකු බෑඋමක් තියනව..


වැල්ලවාය පැත්ත.....



පහලින් තිබෙන කඳු පන්තිය..


 මං ආසම සීන් එක..:D






බඹරකන්ද 2වනි TOUR එකත් ලඟදීම දාන්නම්...

එතනක් අපේ ටුවර් එක enjoy කරපු ඔයාලට හිතුනදේ කියලම ඉන්නකො.....:D