Tuesday, August 9, 2011

බඳිනවනම් මෙන්න බඩුවක්...........:P


වෙනද වගේම අදත් කියන්න යන්නෙ අලුත් Gadget එකක් ගැන...මම ඉතින් වැඩිපුරම දීල තියෙන්නෙත් මේ ජාතියෙ නිව්ස්නෙ...:P ...ඊයෙ 1000 හිට් එකත් ලැබුන ඒ නිසා තවමත් පොඩි සතුටක් හිතේ කොනක තියනව...කියන්න ආපු කාරනේ අමතක වෙන්න කලින් කියන්න ඕන.උඩින් ටයිටල් එකේ කිව්වට වැරදියට තේරුම් ගන්න නම් එපා...මේ කියන්න යන්නෙ ඔරලෝසුවක් ගැන..ආ..පටන්ගත්ත ගමන් පුදපි යකා....ටිකක් අගේ කරන්නත් බැරිඋනා දන්නැතුවම ලියවිලා....කමක් නෑ,වැල්වටාරම් නැතුව කියන්නම් කාරනේ..........


 
This is the only watch that you wanna wear.


මේක හැන්ඩි බ්රේස්ලට් එකක්...කිව්වත් හරි...ඔරලෝසුවක් කිව්වත් හරි...ආ තව කියන්න පුලුවන් පොඩිපහේ කොම්පියුටර් එකක් කිව්වත් හරි...දැන් මේ ඔක්කොම හරි නම් මොකක්ද වැරදිකියල ඔයාල බලනව ඇති....වැරැද්දක් නම් නෑ....එකත් අපි කවුරුත් දන්න කියන අපේ SONY කම්පනියෙ වැඩක්....පාවිච්චිකරල තියෙන්නෙ OLED touchscreen තාක්ශනය....(වැඩි විස්තර Wikipedia  ගෙන් දැනගන්න)..,


This is the only watch that you wanna wear.


මේ හැන්ඩි ඔරලෝසුවට පුන්චිපහේ ප්‍රොජෙක්ටර් එකකුත් තියනව...කොහොමද ඔයාගෙ sony 4n එකෙන් යාලුවොත් එක්ක t.v බලන්න film බලන්න එහෙමත් පුලුවන් එතකොට කාටද ආඩම්බර.ආ........:D....තව මේකෙ තියනව flexible keyboard එකකුත්..අන්තිමට කියන්නම් මේ හැන්ඩි බාන්ඩෙ ඩිසයින් කරල තියෙන්නෙ Hirimi Kiriki ටිකක් අමුතු නමක්...2020 තමයි ලෝන්ච් එක....:D...ඒ කියන්නෙ තව අවුරුදු 9ක්ම බලන් ඉන්න වෙනව....එතකන් TAB 4න් එකක්වත්  ගන්න තමා වෙන්නෙ....

This is the only watch that you wanna wear.



This is the only watch that you wanna wear.



මම ගන්නෙනම් මේ වගේ කොලපාට කෑලක්....:P

This is the only watch that you wanna wear.

ඒත් මං ආසම රෝස පාට ඔය පහලින් තියන එකට.......හික්ස්.......


This is the only watch that you wanna wear.

මේ Gadget එක සම්බන්ධව ඔබට පහලවූ සිතුවිලි පහලින් කොටා යන්න..ගියාට ආපහු එන්න හොඳේ.....:P


Monday, August 8, 2011

1000 ට ස්තුතිය සියල්ලුම සයිබර් මිතුරන්ට.........




සතුටු වෙන්න කාරණාවක් තියනව....ඒකත් ඔයාල එක්ක බෙදාගන්න ආවෙ මැච් එක යන අතරෙම....ඔයාල මෙච්ච්රකල් බලපු මගේ  බොලොගියට අද හවස දහස්වෙනි හිට් එකත් අපේම කෙනෙක් දීලතිබුන.....ගොඩක් සතුටුයි...මේතාක් මට බ්ලොගිය හැඩට වැඩට හදාගන්න කොමෙන්ට් කරපු කාටත් සහ මූනුපොතෙන් මට නිතරම කතාකරපු Time Soon ටත් සහ උදවු කල සයිබරේ සියලුදෙනාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනව.....:D






මෙහෙම උනේ ඇයි.................???


අදත් කාතාකරන්න යන්නෙ කාටත් වැදගත් දෙයක් ගැන ඒ ගැන පින්තූරයකින්ම කතාකලානම් හොඳයි කියල හිතුන....,කෙටියෙන්ම කියන්නම්කො විස්තරේ.....

පහල පින්තූරෙ තියෙන්නෙ බර රාත්තල් 250ක් සහ 120ක් බර කාන්තාවන් දෙදෙනෙකුගෙ Body Scan එකක්.....

පින්තූරෙ හොඳට බලන්න යෝදයෙක් වගේ 250lbs බර කෙනා..කාන්තාවක් කියල හිතාගන්නවත් බැරිතරමට මහත, අනවශ්‍ය මේදය තැම්පත් වීම නිසා තමයි මෙහෙම Figure එකක් හැදිල තියෙන්නෙ...දැන් ඔයාල හිතන්න එපා මම ඔයාලට වෛද්‍ය උපදෙස් දෙන්න යනව කියල නිරෝගී සෞඛ්‍ය ගැන කතාකරන්න අපිට වෙනම කෙනෙක් ඉන්නව එතුමා ගැන කවුරුත් දන්නව ඇතිනේද...දන්නෙ නැතිනම් දැනගන්න ඒ තමයි අපේ සොඳුරු සුව අසපුව ලියන  ඇදුරුතුමා වැඩිවිස්තර ඒතුමාගෙන් දැනගන්න...කතාවෙන් පිටපැන්න වගේ......


A body scan of a 250 lb. woman and a 120 lb. woman.

ආ දැන් බලන්න 120lbs බර කෙනා කොහොමද කියල කියන්නත් කලින් බැලුව නේද...ලස්සන දේට ඇහැයනව කොහොමතිබුනත් එහෙම නේද...:P...ලස්සනට Figure එක තියනව නේද.....හා හා දැන් පින්තූරෙ බැලුව ඇති...දැන් බලන්න ඔයාලගෙ ඇඟ දිහා කොහොමද කියල...Fatty Figure එකක්ද Pretty Figure එකක්ද කියල.....

තමන් ගන්න ආහාර ගැන ටිකක් විතර හිතල බලන්න තමන්ගෙ Figure එකත් එක්ක... ඔයාගෙ ඇඟ Fatty නම්  වෛද්‍ය උපදෙස් ගන්නත් අවසථාව තියනව...තීරණය ඔබේ....

මේ ගැන හිතුන දෙයක් තියනවනම් කොටල යන්න.............

Sunday, August 7, 2011

රබර් බෑන්ඩ් LOVE ද LOVE රබර් බෑන්ඩ් වගේද............???


වෙනස් විදියෙ පින්තූරයක් නේද...හැබැයි මේ පින්තූරෙන් ගොඩක් ලොකු කතාවක් කියවෙනව.....ආදරය කියන්නෙ රබර් බෑන්ඩ් එකක් වගේ... බලමු කතාව ඇත්තද කියල......පින්තූරෙ Analyse කරන්න කලින් ආදරය කියන්නෙ රබර් බෑන්ඩ් එකක් කියල ටිකකට හිතන්න..

if රබර් බෑන්ඩ් එක 
Unbreakable and
  ආදරය = රබර් බෑන්ඩ් එකක් නම් 


1. ආදරය කරන දෙදෙනෙක් (පෙම්වතුන් විත්‍රක් නෙවෙයි) ඔව්නොවුන් එකිනෙකාට රබර් බෑන්ඩ් එකෙන් ඇදී බැඳී ඉන්නව ...

2.  මොනවහරි හේතුවකින් මේ දෙදෙනාගෙන් එක්කෙනෙක් රබර් බෑන්ඩ් එක අතහැරියොත්  ???

3. තවමත් රබර් බෑන්ඩ් එක අල්ලගෙන ඉන්න කෙනාට ඒකෙන් හානියක් වෙනව...

එහෙමනම් ආදරය = රබර් බෑන්ඩ් එකක් කියන එකේ පොඩි ඇත්ත්ක් තියනව නේද...
මීටවඩා වෙනස් අදහස් තියනම් පහලින් ලියන්න මටත් දැනගන්න ඕන........එහෙනම් ඔන්න මන් ගියා........

ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව  දැන් ඉඳල ආපහු ආදරය =/= රබර් බෑන්ඩ් එකක්.....:D