Sunday, January 8, 2012

සයිබර් ගෙට් 2012...ෆන් ලෝකයක්....

ඔන්න මම ලොකූ පොස්ට් එකක් දාන නම් නෙවෙයි හදන්නෙ,සයිබර් ගෙට් 2012 එක ගැන අමුතුවෙන් ලියන්න ඕන නෑ  අපේ කස්ටිය ලියල තියනව වැඩිපුරත් එක්ක,



විශේෂ දේවල් ටික විතරක් කියන්නම් :P

*** මං කොල්ල උදේ 5.45ට බස්එක අරන් කරදරයක් නැතුව ගාල්ලට සේන්දු උනා....

සෙට්වෙන්න ඉන්න කස්ටිය අඳුර ගත්තා....ඊට පස්සෙ තමා වැඩේ........

*** උදේ පාන්දරම හිම හන්සිට ලොකූ බඩගින්නක් ආව...හැබැයි ඒ ගින්න දවස පුරාම එකම විදියට පැතිරුනා නිවීයාමක් දකින්න ලැබුනෙම නෑ....

*** අපේ යසන්ත මලයට ලැපෙන් තොර ලොවක් තිබුනෙ නෑ, ඡායාරූප රහිතවයි කියන්නෙ ඇති තරම් මඩ ගහල ඊයෙම ඡායාරූපේ වැහිල ගිහින්....:P

*** ජනරන්ග අව්වේ සිට ඔලුව රත්වීමේ ප්‍රතිපලයක් ලෙස හක්ක පන්නාගන්න ලදී... [ඡායාරූප රහිතවයි].

*** ප්‍රාර්ථනා සෙව්වන්දි, සිත් අහසෙ හිමිකාරියට යමක් ලබාදෙන බවට ජනරන්ග පුල පුලා පොරොන්දු උන ලදී....ඔන්න අපිනම් නෑ  සාක්කි දෙන්න හොදේ.......

*** චතූ මිතූ විසින් කඩෙන් උනු උනුවෙ ගතපු/උස්සපු කලිසමක් ඇඳගෙන පැමින සිටියේ එහි ටැග් එක අපට පෙනෙන ලෙස නොමිලයේ මඩ ලබාගැනීම සඳහායි.....

*** මන්තරකාරිට ශැන්ඩි මදිවී කොකා බෝතලයක් ගුඩු ගුඩු ගා ආමාශ ගත කර ගත්තේ කොහොල්ලා පානය කර සුන්දර ලෝකවල සිටි අපේ පිරිසේ නෙත් සිත් වශී කරවමිනි......

*** කොලඹ සිට ගාලු පැමිනි අභීත අයියා ඇතුලු පිරිස අපේ කිහිප දෙනෙක්ද සමග තවත් කල්පා ගානකට සරිලන ලෙස හිතේ හැටියට ස්නානය කරගෙන නිරාමිස සතුටක් ලබාගන්නා ලදී.....

*** පොඩි මෑන් ගැන කතාකිරීම අවශ්‍ය නොවේ බෝතල් කටේතියා ගුඩු ගුඩු ගා .##.බොන්න උපන් හපනෙකි.....

*** බනී සියලු  කටයුතු සිදුකර ලාවාට සලු උන ලදී........

*** අනෙක් සියලු දෙනාද තම හැකිපමන මඩ නාගන්න වැඩවල යෙදුන බව සතුටින් දැනුම් දෙමි.....

මාගේ කතාව මෙතකින් අවසන්,හවස් වෙන්න කලින් පුලුවන් නම් ගහන්න මඩ,මොකද මට දවල්ට නාගන්ට ඕන....හිකිස්...

අපේ ගෙට් එක ගැන ලියනලද අනෙක් බොලොග් [දැනට විතරයි හොදේ]

25 comments:

  1. තව නම් සිද්දි දෙක තුනක් තියේ... සුවිසේසම ඒව..... ඒ සම්බන්ධ කරුණු මග හැරී තිබීම පිළිබඳ ඉත සිතින් සතුටු වෙමි....

    ලොල්!!

    ReplyDelete
  2. කවුරුත් දමල තියන්වනෙ....මේක මගේ වෙනසක්.....

    ReplyDelete
  3. එෆ් බී එකේ ෆොටෝ වැහි වැහැලා... හැබෑවටම අපූරු හමුවක් ! දෙවනි බස් එකේ නොවැලැක්විය හැකි අප්සට් එක නිසා ඒ අයව හඳුනා ගැනීමට සහ ඇති තරම් කතා කිරීමට කාලයක් නැති වීම තමයි පොඩි අප්සට් එක !

    ReplyDelete
  4. හිකිස්ස්ස්ස්ස්... අපරාදෙ ආවනම් බලාගන්න තිබ්බ හොද මඩ වලක කට්ටිය බැහැලා ඉන්නවා...

    (මටත් බහින්න වෙනවනෙ..:O)

    ReplyDelete
  5. ඔව් ඇත්තටම ඒක තමා එකම අවුල උනේ....,ආ,හිතිවක්කරී ඕව් අපි කවුරුත් නෑව නියමයි නේද....

    ReplyDelete
  6. අය්යෝ මටනෙ මුල්ම මඩ පාර වෑදිලා තියෙන්නෙ.මේ බඩගින්නක් නිසා මම ගිය පාරත් මඩ නෑවා.කමක් නෑ හිමා නෙවෙයි ඔය කෑගහල තියෙන්නෙ.මම හිතන්නෙ වෙන කාගෙද බඩක්.සෝයි දවස නේද අය්යෙ?දෑන් ගෙදර ඉන්නත් පාළුයි ඊයෙ පිස්සු නටලා

    ReplyDelete
  7. නෑ නෑ හිමාගෙම බඩ තමයි...

    ReplyDelete
  8. ඔය තියෙන්නෙ සොයි මඩ පාරක්.. මට පැලෙනකන් හිනා.. මම ලැප් එක අල්ලන් හිටියෙම නෑ හරිද? එතකොට ‍රැල්ල පැගුවේ මගේ ඩුප්ලිකේට් එකක්ද? :O කෙටියෙන් ලිව්වට කියවනකොට දවසම මතක් උනා..

    ReplyDelete
  9. කවදාවත් අමතක වෙන්නේ නැති සුන්දර දවසක්.

    ReplyDelete
  10. සහතික ඇත්ත...වාර්ණ අක්කේ.......

    ReplyDelete
  11. එල තමා මට නම් මඩ ගැවි නැත

    ReplyDelete
  12. යකෝ මේකේ මඩ විතරයි..වෙන මොකුත් නැ ද් ද බොල

    ReplyDelete
  13. @රෙප් මහත්තයා-වැඩිහිටියන්ට මඩ ගැසීම සීමා කර ඇත....
    @ජනරන්ග - නාගත්ත මදීද බොල....

    ReplyDelete
  14. මට එන්න චාන්ස් එකක් නැතිවුනානේ අප්පා.. හරිම අපරාදේ....

    ReplyDelete
  15. අප්‍රේල් 22 සෙට් වෙමු මලේ.....

    ReplyDelete
  16. ඊලග සැරේවත් බලමු..

    ReplyDelete
  17. අයියේ,.. ඔයා ඊළඟට මැරුම් කන්න ආසද,... මම මේ දවස් වල ලිස්ට් එක හදාගෙන යනවා,..
    1. ජනරඟ
    2. ශයන්ග
    3. චිරාන්,.. :P

    ReplyDelete
  18. හී හී,.. මේ මගේ ලිස්ට් එකේ ඊළඟ මරණ දැන්වීම ඔයා නමින් වෙන් කරගන්න ඕනෙද චිරාන් අයියේ,.. :P

    ReplyDelete
  19. එදා දවසනම් පට්ටම තමා .
    ඒත් හුගක් එවුන් එක්ක කතා කරන්න බැරි වුන එක ගැන නම් දුකත් තමා.
    මම හිතන්නේ මට උඹත් එක්කත් කතා කරන්න බැරි වුනා. 22 වත් බලමු.

    ReplyDelete
  20. @ප්‍රාර්ථනා - දුක නැද්ද නඟෝ මංවගේ අඅහින්සක කොල්ලෙක් මරන්න,ආ....ඒත් මම මොකටදඔය ලිස්ට් එකේ උඩින් ඉන්න දෙන්න හොඳටම ඇති...

    ReplyDelete
  21. @නාකිය - නාකිය අයියට මතක නැද්ද අපි දෙන්න කතාකලා...හරි හරි 22 ආපහු සෙට් වෙමුකො :)

    ReplyDelete
  22. ඒ මේන් මයෙ බ්ලොගේ ලිංක් එකත් දාලා..!!!

    ReplyDelete
  23. දැන්ද දැක්කෙ ආ.....

    ReplyDelete