Friday, January 6, 2012

හෙට එනකොට පාඩම් කරගෙන එන්ටෝ......


අපේ බනී කිඩෝ සහයක පොඩි mAn දරුවන්ගෙ නොමසුරු සංවිදායකත්වයෙන් හෙට වෙනි 7 වැනිදා එනකන් අපේ රටේ සියලුම බ්ලොග් ගඩොල් කරුවන් සහ කාරියන් බලාගෙන ඉන්නෙ කියල කවුරුත් දන්නවනේ.. :P




හෙට වෙන්න යන දේවල් ගැන අද ගොඩක් අය අපේ සයිබර් මිතුරන්ගේ හමුව ගාල්ල 2012 කතා වෙනව...සමහරක් ගෙදරින් පර්මිශන් අරන් සමහරක්ට බැරි වෙලා...ඉතින් ඒව ගතපු සහ ගන්න බැරි උන අය වෙනුවෙන් මගේ දුක ;(  මුසු සතුට :) මේ අවස්ථාවෙ ප්‍රකාශ කොරන්ටත් ඕන...

ඒ ඔක්කොමත් හරි........එහෙනම්......>>>>හෙට ඒ කවුරුත් සෙට්වීම වෙනුවෙන් කවුරුත් කාටත් බයක් සැකක් නැතුව ගායනා කොරන්ට කියල ගීතයක් රචනා කලා හැබැයි මේ ගීතයේ "සියලුම හිමිකම් මට ඇහිරිණි" ඕන කෙනෙක් ඕන විදියකට වෙනස් කරගැනීමට මගෙන් නෝ ප්‍රොබ්ලම්......

හෙට ලංකාවෙ හතර වටින් එන අය මේ අගනා ගීතය මුමුන මුමුනා ඒන්න කියල ආරාධනා කොරනව....

එන්න......[සිංහල වර්ශන් එක]

ගාලුපුරේ පොල්ගස්වල කරටි කඩන්න
බ්ලොග් කරනා නංගිලාගෙ හිනා බලන්න
දකුණු ලකේ අග නගරේ සිරිය විඳින්න
බ්ලොගස්ලාට එන්න කියමු ෆන් එක ගන්න

හයි වේ එකෙ හුලඟ වගේ එන්න
ටොනොක් කඩන් වඩේ හපන් එන්න
බේස් සද්දෙට කන් වහගෙන එන්න
බ්ලොගස්ලා රඟ දෙනවා මෙන්න

එන්න එන්න එන්න එන්න    එන්න///

පන්නි පිටින් පිට්ස  අරන් එන්න
ස්මාර්ට් වෙලා වඩේ හපන් එන්න
බේස් සද්දෙට කන් වහගෙන එන්න
අත උස්සල කොමෙන්ට් එකක් දෙන්න

එන්න එන්න එන්න එන්න    එන්න................//


ඕන්න ඕක තමයි කස්ටියම කියන මුමුනන ගීතය.....

7 comments:

  1. මලු මතෝ.... ඒ වුනාට අපේ (ඈ අපේ? පිස්සුද මංද :D ) ලහිරු අයිය දන්නව නම් එහෙම මේව.....හිකිස්....

    හෙන ගේමක් දීල කවියක පේලියක් පාඩම් කොර ගන්නෙත්... මේකම පාඩම් කොරගන්ට නම් නයිට් දෙක තුනකට වඩා ගහන්න වෙයිද මංද...!!

    :D :D :D

    ReplyDelete
  2. එන්න පිටත් වන ගමන්...

    ReplyDelete
  3. ආ,ඔන්න දැන් තමයි මාත් නැගිට්ටෙ,සෙට් වෙමු ටව පැය3කින්..

    ReplyDelete
  4. සින්දුව පාඩම් කර කර හිටියොත් නම් කට්ටියට එන්න බැරි වෙනවා... Maxxa.... සින්දුව

    ReplyDelete