Tuesday, March 13, 2012

අවවාදයයි...! දරුවන්ට උන්චිල්ලා පදින්න දෙන්නෙ පරිස්සමෙන්...[02]


කණගාටුයි මම ඊයෙ දමාපු පෝස්ට් එක උප්ඩේට් කරන්න උන එක ගැන,


අද රෑ අහපු නිව්ස් වලින් කියවෙන විදියටඋන්චිල්ලා පදින්න ගිහින් උන තුන්වැනි මරණයත් සිද්ද වෙලා...

ආපහු අවධාරණය කරල කියන්නෙ කවුරු කවුරුත් උන්චිල්ලා පදින දරුවන් ගැන සැලකිලිමත් වෙන එක ඇඟට හොඳයි...

මේ යන විදියට උන්චිල්ලා පැදීම ලංකාවෙ තහනම් වෙන්න පුලුවන්.. :P

මේක බලල විතරක් යන එක ගැනනම් මම කණගාටු එනව,සංවාදයක් කරන්න ඕන මාතෘකාවක්...

එන්නම්......,


2 comments:

  1. ප්‍රශ්නය ඔන්චිල්ලා පැදීම නෙවෙයි ඔන්චිල්ලා බැඳීමයි. ඔබ මේ සමග යොදා ඇති ඇනිමේෂන් එකේ වගේ තනි පොට ඔන්චිල්ලා වලින් තමයි මේ අනතුර වෙන්නේ. එවැනි ඔන්චිල්ලා එක වරම කැරකෙනවා. එවිට ඔන්චිල්ලාවේ සිටින කෙනාගේ බෙල්ල හිර වෙනවා. වයස අවුරුදු 15 දී පමණ මා එය අත්විඳ තිබෙනවා. මොකක්දෝ හේතුවකට මගේ අයියා ළඟ හිටියනිසා බේරුනා. ආරක්ෂාකාරී ඔන්චිල්ලාවක් හදන්නේ මෙහෙමයි. සෙන්ටි මීටර් 45 ක් වත් දිග සෙන්ටි මීටර් 30 ක් වත් පළල ශක්තිමත් ලැල්ලක් ගන්න. එහි කොට පැති දෙකේ අයිනට සෙන්ටි මීටර් 4 ක් පමණ මෙහායින් ඩ්‍රිල් මැෂිමකින් හිල් දෙකක් විදින්න. හිල් දෙක අතර පරතරය සෙ.මී. 25 ක් පමණ තබන්න. එය තුලින් තේඩාව නමින් හඳුන්වන ප්‍රමාණයේ ලනුවක් දැමීමට පුළුවන් වන ලෙස, හිල් විදිය යුතුයි. දැන් එක තේඩාවක් ගෙන ලෑල්ලට යටින් දමා එහි කොන් දෙක එක පැත්තක ඇති අර හිල් දෙකකින් එලියට ගන්න. අනික් පැත්තටත් එසේම තව තේඩාවක් යොදන්න. දැන් ලෑල්ල තේඩා දෙක මත සීට් වී තිබිය යුතුයි. තේඩා දෙක බඳින හරස් ලීයේදී ලෑල්ලේ තේඩා දෙක අතර පරතරයට වඩා වැඩි පරතරයක් තබා බඳින්න. එවිට මරණීය කැරකීම සිදුවන්නේ නැහැ. ඔන්චිල්ලාව පදින කෙනාට එහි වාඩිවූ පසුව තම කකුල් දෙක බිම තැබිය හැකි ආකාරයට ඔන්චිල්ලාවේ උස සකසන්න. අත් දුටුවයි සත්තයි.

    ReplyDelete
  2. ඔබ කියන ක්‍රමය නිවැරදි...කලින් සිදුවෙච්ච මරණ 3නම වෙලා තිබුනෙ තනිපට ලණුව තියන උන්චිල්ලා නිසා...අදහස් දැකුවට බොහොම ස්තුතියි...

    ReplyDelete