Friday, July 8, 2011

අයහපත් කාලගුණය හේතුවෙන් Atlantis අවසන් ගමන කල්යයි ........

වසර 30ක් සපිරෙන NASA අභ්‍යවකාශ ශටල වැඩසටහනේ අවසන් ගමන කුණාටුසහිත අයහපත් කාලගුණය හේතුවෙන් තව දිනකින් හෝ දෙකකින් කල්යාමට ඉඩඇතිබව NASA ආයතනයේ කාලගුණ ව්ද්‍යාණයන් පවසනවා.


ඇමරිකාවවේ Florida ජනපද ප්‍රදේශයට මෙම අයහපත් කාලගුණ තත්වය බලපාමින් ඇතිඅතර Atlantis ශටලය අභ්‍යවකාශගතකිරීම තාවකාලිකව ප්‍රමාදකර ඇත.......


අභ්‍යවකාශ ගමනට සුදානම්ව සිටින අභ්‍යවකාශගාමීන් සිව්දෙනා යහපත් මානසිකත්වයෙන් පසුවන අතර කාලගුණ තත්වය යහපත් අතටපත්වු පසු ගමන ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසුවේ.......

Atlantis ශටලය නැවත පැමිනීමෙන් පසුව Kennedy Space Center හි සන්චාරකයන්ට වෙන්වුනු කලාපයේ රැඳවිමට නියමිතයි...

මින් අනතුරුව මෙහෙයවන අභ්‍යවකාශ ගමන් සඳහා රුසියාවේ three-seat කැප්සියුලය යොදාගනු ඇති...එහි එක ආසනයක යන අභ්‍යවකාශ ගාමියකු සඳහා සම්පූර්ණ ගමනට යන වියදම  ඇ.ඩො මි 51 පම්ණ වේ.

මේ අතර පුද්ගලික සමාගම් කීපයක්ම නවීන අභ්‍යවකාශ යානයක් නිපදවීමේ තරඟයේ යෙදී සිටියත් වසර 2015 තෙක් එවැනි දෙයක් ගැන බලාපොරොත්තු විය නොහැකිබව NASA බලධාරීන් පවසයි.....





Atlantis නවතම තොරතුරැසමග නැවත හමුවෙමු.....

මේ ගැන තියන අදහස් පහලින් කොටාදමන්න.......




No comments:

Post a Comment