Saturday, July 23, 2011


කොහොමද සයිස් එක.,ඉන්ජිමේ....:D

Emma Maersk කියන්නෙ භාන්ඩ ප්‍රවාහනයේ යෙදීසිටින ලෝකයේ දැනට තිබෙන අතිවිශාලම නැව.,චීනයේ සිට ඇ.එ.ජ.ට තමයි මේ නැව භාන්ඩ ප්‍රවාහනය කරන්නෙ..මෙහි හිමිකාරීත්වය දරන්නෙ A.P. Moller - Maersk Group කියන ඩෙන්මාර්ක් සමාගම විසින්...නෞකා ලෝකයේ වැඩිම හිමිකාරීත්වය තිබෙන්නෙත් මෙයාලටම තමයි. මීට කලින් ලෝකයේ භාන්ඩ ප්‍රවාහනය කරන විශාලම නැව  වෙලාතිබුනෙ Seawise Giant කියන නැව මෙය 2009 වසරේදී සේවයෙන් ඉවත්කරල තිබෙනව ...



The World’s Most Gargantuan Diesel Engine




මෙහි දිග මීටර 397.7  (අඩි 1305) සහ පලල මීටර 56.4 (අඩි 185) වෙනව.,එහිබර 170,974 වන අතර අඩි 20 නැව් බහාලුම් 11,000 ක් එක්වරකට රැගැනයාමේ හැකියාවතිබෙනව...



The World’s Most Gargantuan Diesel Engine



මෙම අතිදැවැන්ත නැවට පැ.කි 47.2 නැතිනම් නාවික සැතපුම් 31 knots වේගයකින් ගමන්කරන්න පුලුවන්කම තිබෙනව..,මේ සඳාහා අවශ්‍ය බලය ලබාදෙන්නෙ  Wärtsilä-Sulzer 14RTFLEX96-C වර්ගයට අයත් ඉන්ජිමෙන් එය තමයි මම කලින් කියපු පරිදි ලෝකයේ දැනට තිබෙන විශාලතම ඩීසල් ඉන්ජිම..මෙහෙම  බලනකොට අපි යන බස් කෝච්චි වල ඉන්ජින් මොනවද කියල හිතෙනව...:) ..,මෙහි දිග අඩි 90 ක් සහ උස අඩි 44 වෙනව...ඒ කතමයි සයිස් එක කියල කිව්වෙ...:D..සිලින්ඩර 14 සහිත මෙය 2 - stroke වර්ගයේ එකක්..,ඔය කියන ඉන්ජිමේ බලය සිංහලෙන් කියනවනම් හෝස්පවර් 109,000 ක් වෙනව..බර ටොන් 2300 ක් මේ සඳහා පැයකට ඩීසල් ලීටර 6300 පුච්චන්න තරම් මේ ඉන්ජිම සමතෙක්...ඔය රාජකීය පිච්චිල්ලෙන්තමයි විනාඩියට 102 වැනි වාරයක් ඇක්සලය කරකවන්නෙ...
මෙතනින් විශාලතම භාන්ඩප්‍රවාහන නෞකා ලයිස්තුව...  


අදහස් දක්වන්න පහලින්.......

No comments:

Post a Comment