Thursday, July 21, 2011

Atlantis අවසන් ගමනේ අවසානය ..................


දශක 3 කාලයක් වු NASA අභවකාශ ශටල වැඩසටහනේ අවසානය ඊයේ සනිටුහන් උනා...ඒ Atlantis STS - 135 අභවකාශ ශටලයේ අවසන් ගමනේ ආපසු පැමිනීම සමගයි...අභවකාශගාමීන් හතරදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම ඇමරිකා එ.ජ. Kennedy Space Center වෙත යානය ගොඩබැස්වුයේ දින 13 සාර්ථක ගමනකින් පසුව ග්‍රිනිච් වේලාවෙන් 9.56 පමණයි....... 

File image of a shuttle landing.
මේසමග රුසියාවට ISS (International Space Station) වෙත සියලු සැපයීම් හුදකලාව සිදුකිරීමට සිදුවෙනව ...


U.S අභවකාශ ශටල වැඩසටහනේ පලමු ශටලය 1981 April 12 වැනිදා ගුවන්ගතකලා.

එතෙක් මෙතෙක් අභවකාශ ශටල ගමන්වාර 134 පවත්වන්නට NASA බලධාරීන්ට පුලුවන් වුනා...,නමුත් අභවකාශගාමීන් 14 දෙනෙකුට මරුකැඳවමින් 1986 දී Challenger සහ 2003 දී Colombia  අභවකාශ යානා දෙක අනතුරටපත්වීම පෘථුවි අභවකාශ ඉතිහාසයේ කිසිදා අමතක නෙවන වේදනාතමක මතක මතකසටහනක්ලෙස අතීතයට එකතුවී හමාරයි...


NASA ප්‍රධානී Charles Bolden CNN පුවත් සේවයට ප්‍රකාශකලේ මේවගේ දෙයක්  "We have just not done a good job of telling our story. NASA is very busy,"  තවදුරටත් ඔහු කියාසිටියෙ "The president said to us, 2025 for an asteroid and 2030 to Mars. We have a lot of work to do ahead."

NASA නිපදවමින් සිටින බහුකාර්ය අභවකාශගාමී යානා මගින් ඉහත ඉලක්ක සපුරාගැනීමටත් වානිජ වශයෙන් අභවකාශ සංචාර ඇරඹීමටත් ඔවුන් බලාපොරත්තුවෙන් සිටිනව....නමුත් එය තවම හරිහැටි ප්‍රකාශකිරීමට NASA බලධාරීන් මැලිකමක් දක්වනව...

මීටපෙර Atlantis ලිපි ලබාගැනීමට
සිතැඟි අදහස් පහලින් ලියන්න......


2 comments:

  1. හ්ම්ම් ඔව් නේද ? ඊයෙ ප්‍රවෘත්ති වලටත් කිව්වානෙ. මේක දැවැන්තයෙකුගේ අවසානයද ?

    ReplyDelete
  2. "මේක දැවැන්තයෙකුගේ අවසානයද ?"
    එක පැත්තකින් අවසානයක් තමයි...තවපැත්තකින් ආරම්භයකුත් තියනව... Museum එකේ....:D

    ReplyDelete